IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැංකු කාඞ්පතකින් මුදල් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(දියතලාව - ඩී.කේ.රත්න)

ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක අමතක වීමකින් අස්ථාන ගතවූ
ඕස්ට්‍රේලියානු ජාතික විදේශීය කාන්තාවගේ බැංකු කාඞ්පතකින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

ඇල්ල දෙමෝදර වලස්බැද්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු හා බණ්ඩාරවෙල ධර්මාශෝක මාවතේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයෙකු ඇල්ල පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනා ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක දමා ගිය මෙම බැංකු කාඞ්පත රැගෙන හල්පේ , බණ්ඩාරවෙල ,කොළඹ සහ පිළියන්දල ප්‍රදේශවලට රැගෙන ගොස් එම ප්‍රදේශවලින් මෙම බැංකු කාඞ්පතින් මුදල් ලබා ගෙන ඇතයි ඇල්ල පොලීසිය පවසයි.

මෙම
ඕස්ට්‍රේලියානු ජාතික විදේශීය කාන්තාව සිය බැංකු කාඞ්පත ඉකුත් අට වන දින ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක අමතක වී ගිය බවට මහනුවර සංචාරක පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර සංචාරක පොලීසිය විසින් ඒ පිළිබදව ඇල්ල පොලීසියට දැනුම්දීමෙන් පසු සිදු කළ විමර්ශණවලින් අනතුරව මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංතුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (1)

බැංකු කාඞ්පතකින් මුදල් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

upali Saturday, 15 December 2018 03:32 PM

පින් නොම්මරය හොයාගතේ කොහොමද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site