IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අඩු ආදායම්ලාභි මවකට සහ දියණියකට නිවසක්

(හැටන් රංජිත් රාජපක්ෂ)                      
ගිනිගත්හේන පොලිස් වසමට අයත් කැළණිගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පූර්ණ නිවසක් ඉදි කර එම නිවස එම අඩු ආදායම් පවුලට ලබාදිම හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද (15) සිදු කෙරිණ.

ගිනිගත්හේන පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා විසින් ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක මුල්‍ය අනුග්‍රහයෙන් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස ඉදි කර එම අඩු ආදායම් පවුලට අද ලබා දෙනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන කැළණිගම සිංහල විදුහලේදි  ප්‍රදේශයවාසින් වෙනුවෙන් කැළණිගම සිංහල විදුලහලේදි ජංගම සේවයක්ද පැවැත් වූ අතර එම ජංගම සේවය මගින් රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සහය ඇතිව බෝ නොවන රෝග පිලිබද දැනුවවත් කිරිමේ සායනයක් දන්ත සායනයක් ,ආයුර්වේදි වෛද්‍යවරුන්ගේ සහය ඇතිව අයුර්වේද සායනයක් සහන මිලට ඇස් කණ්ණාඩි ලබා දිමේ වැඩසටහනක් 2019 නව පාසල් වාරය සදහා  පාසල් පොත් ලබාදිමේ වැඩසටහන් හා ආබාධිත අය වෙනුවෙන් රෝද පුටු සහ කිහිලි කරු ලබාදිමේ වැඩසටහනක්ද මෙම ජංගම සේවය මගින් සිදු කරනු ලැබීය.

මෙම ජංගම සේවයට ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.



අදහස් (0)

අඩු ආදායම්ලාභි මවකට සහ දියණියකට නිවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site