බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව මොල්ලිගොඩ හන්දියේදී අද(17) පෞද්ගලික බස් රථයක් හා ත්‍රි රොද රථයක් මුහුණය මුහුණ ගැටීමෙන් ත්‍රි රෝද රථ රියදුරු මිය ගොස් ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කලුතර දකුණ ජාවත්ත රජවත්ත පදිංචි නුවන් කුමාර (27) නමැති තරුණයෙකි.
කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය වාද්දුව මොල්ලිගොඩ හන්දියේදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී කලුතර සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රි රෝද රථයේ ගැටී ඇත.
අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථ රියදුරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd