ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා      

             
හමුදා සෙබලෙක් ලෙස සේවයේ නියුතු 30 හැවිරිදි පුද්ගලයෙක් සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 ක් අද (16) උදැසන අක්මීමණ කෙසෙල්ගස් හේනේදී සැකපිට  අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.


පොලිසිය පවසන්නේ විවාහක එක්දරු පියකු වන සැකකරු නිවාඩු ලබාගෙන පැමිණීමේදී  අගනුවරින් හෙරොයින් තොග වශයෙන් මිලදීගෙන නිවසට පැමිණ මිලි ග්‍රෑම් 20 පැකට් කර ජාවාරම් කර ඇති බව මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවයි.


සැකකරුගේ සොහොයුරා ද විද්‍යුත් ක්‍රමයට හොරොයින් විකිණීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව සිටින බවද පොලීසිය කියයි.


සැකකරු සමඟ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය හෙට (17) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.