ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
හමුදා සෙබලෙක් ලෙස සේවයේ නියුතු 30 හැවිරිදි පුද්ගලයෙක් සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 ක් අද (16) උදැසන අක්මීමණ කෙසෙල්ගස් හේනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.
පොලිසිය පවසන්නේ විවාහක එක්දරු පියකු වන සැකකරු නිවාඩු ලබාගෙන පැමිණීමේදී අගනුවරින් හෙරොයින් තොග වශයෙන් මිලදීගෙන නිවසට පැමිණ මිලි ග්‍රෑම් 20 පැකට් කර ජාවාරම් කර ඇති බව මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවයි.
සැකකරුගේ සොහොයුරා ද විද්‍යුත් ක්‍රමයට හොරොයින් විකිණීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව සිටින බවද පොලීසිය කියයි.
සැකකරු සමඟ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය හෙට (17) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට