රොමේෂ් මධුෂංඛ
යාපනය කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එලල වී ඇති බවට යාපනය පොලිසිය පවසයි.
ජෙයරාසපුල්ලෙයි සෙන්දිල් වේල් නැමති අදාළ ගුරුවරයා කයිට්ස් ප්‍රදේශයේ පාසල් ගුරුවරයකු වන අතර ඔහුගේ නිවස පිහිටා ඇත්තේ කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි දැනට පොලීසියට බාරවී සිටින ආවා කල්ලි නායකයා වූ අශෝකන්ගේ නිවස ආසන්නයේය.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ යතුරුපැදි 4 කින් මුහුණ වසා ගත් 6 දෙනෙකු පැමිණ අදාළ පාසල් ගුරුවරයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත.
අදාළ ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවසේ දේපලවලට පමණක් හානි සිදුව ඇති බවත් අදාළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බවට සැකකරන්නේ යැයි පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්