(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2019 සඳහා වන අය වැය වැඩි ඡන්ද නවයකින් සම්මත වූ බව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා සඳහන් කළේය.
කල්පිටිය ප්‍රාදේශීය සභාව අද (14) සභාපති ඒ.එම්.ඉන්ෆාස් සහ උප සභාපති විජිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර බහුතරයේ එකගතාව අනුව විවෘත ඡන්ද විමසීමක් පැවැත්විණි.
එහිදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද නවයක් ප්‍රකාශ කෙරිණි.එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදු ජන පෙරමුණ,මුස්ලිම් කොන්ග්‍රසය සහ ස්වාධීන මන්ත්‍රීවරු දෙදෙනෙකු අය වැය යෝජනාවට පක්ෂ ඡන්දය ප්‍රකාශ කලහ.
එක්සත් ජාතික පක්ෂය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd