ඥාති පුත්‍රයා අපයෝජනය කළ බාප්පාට සිර දඬුවම්
අට හැවිරිදි ඥාති පුතා නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද(12) බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවම්ද, රුපියල් පහළොස් දහසක දඩයක්ද, වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් හැත්තෑපන්දහසක වන්දියක්ද, නියම කොට සිර දඬුවම වසර දහයකට අත් හිටවූයේය.