IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දරුවන් පාසලට ඇතුළත් කරගන්නැයි ඉල්ලා මව්පියවරු වීදි බසිති

ක.ග. කරුණාරත්න   
                                
පොළොන්නරුව ප්‍රධාන පාසලක සිසු දරුවන්ගේ දෙමව්පියෝ පිරිසක් අද (14) පොළොන්නරුව නවනගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.‍  
                          
ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පමණක් එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේ තීරණයට විරෝධය දක්වා සමත්-අසමත් සියලු දරුවන් එයට ඇතුළත් කරගන්නැයි ඉල්ලමින් මොවුහු මෙලෙස විරෝධතාවයේ යෙදුණහ.     

                         
විරෝධතාකරුවෝ සටන්පාඨ කියමින් නවනගර ශාලාවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාට බාරදීම සඳහා සංදේශයක් ද එහි නිලධාරීන් අතට පත් කළහ.    
                                      
ඉන් අනතුරුව පොළොන්නරුව අධ්‍යාපන කලාප කාර්යාලයේ  බලධාරීන්ට ද ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුහු විසිර ගියහ.

 



අදහස් (0)

දරුවන් පාසලට ඇතුළත් කරගන්නැයි ඉල්ලා මව්පියවරු වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site