IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විභාග මධ්‍යස්ථානයක් අසල පිහියක් තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)

සාමාන්‍යපෙළ විභාග මධ්‍යස්ථානයක්ව පැවැති තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ පිහියක් සන්තකයේ තබාගෙන සිටි 18 හැවිරිදි තරුණයෙක් තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අද දිනය වන බැවින් විභාගය පවතින පාසල් අවට පොලිස් ආරක්ෂාව දැඩි කරන ලෙස තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා ලබා දී තිබූ උපදෙස් අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

විද්‍යාලය අසල ගැවසෙමින් සිටි මෙම තරුණයා පිළිබඳව සැක සිතී ඔහු පරික්ෂා කිරීමේදී තරුණයාගේ සාක්කුවක තිබී කොටස් ලෙස සකස් කළ හැකි කුඩා උල් පිහියක් සොයාගෙන ඇත.

 



අදහස් (0)

විභාග මධ්‍යස්ථානයක් අසල පිහියක් තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site