චන්දන ප්‍රනාන්දු
බාලවයස්කාර දැරියක්ව බරපතල ලිංගික අපයෝජනය ලක් කළ බව කියන දැරියගේ සීයා අද (14) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුජ්ජම්පොළ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මුත්‍ර ආසාධනයක් සඳහා මාරවිල රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි 7 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ට ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂා කිරීමේදී මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත.
දන්කොටුව නිලධාරීන් පිරිසක් විමර්ශනයක් කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd