(බිඟුන් මේනක ගමගේ)
දිවයින පුරා පිහිටි ළමා නිවාසවල ගුණාත්මකභාවය පිළිබඳ වර්ගීකරණයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
දැනට ළමා නිවාස 435 ක් පමණ ලංකාව පුරා පිහිටුවා ඇති බවත් දිස්ත්‍රික් පදනමින් මාසයක පමණ කාලයක් තිස්සේ මෙම වර්ගීකරණය කරන බවත් අබේරත්න මහතා කීය.
මෙම වැඩපිළිවෙළ යටතේ ඉතා හොඳ, හොඳ සහ වර්ධනය විය යුතු යන කාණ්ඩ තුනකට ළමා නිවාස බෙදීම සිදුවන බව කී හෙතෙම පිළිවෙලින් ඒවාට කොල, කහ සහ රතු යන වර්ණ ලබාදෙන බව ද පැවසීය.
ළමා නිවාසවල ගුණාත්මකභාවය ඉලක්ක කරගනිමින් සැකැසූ ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා ගැනීම මෙහිදී මූලිකව සිදු කෙරෙන බවත් එම පිළිතුරුවලට දෙන ලකුණුවල පරාස මත වර්ගීකරණ ක්‍රියාවලිය සිදුකෙරෙන බවත් සභාපතිවරයා කීය.
මේ වනවිට දිවයින පුරා ලියාපදිංචි හා ලියාපදිංචි නැති ළමා නිවාස ද ඇති බව ද අබේරත්න මහතා කීවේය.
මෙම වර්ගීකරණයේදී ලියාපදිංචි නොවූ ළමා නිවාස ගැන වැඩි සැලකිල්ලක් යොමු කරන බව ද අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා නිවාසවල ගුණාත්මකභාවය ගැන වර්ගීකරණයක්