සුමතිපාල දීයගහගේ
නාකියාදෙනිය යටලමත්ත මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන බෝක්කුවක හැපීමෙන් තුවාල ලැබ කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදිකරුවෙකු දින 23 කට පසුව මිය ගොස් ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ජී වී ඩී රෝෂාන් නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය නොවැම්බර් මස 22 වැනි දා මෙම යතුරුපැදිකරු නාකියාදෙනිය යටලමත්ත මාර්ගයේ යමින් සිටින විට තුන් වැනි සැතපුම් කණුව අසලදී යතුරුපැදිය පාරෙන් ඉවතට පැන බෝක්කුවක හැපීම නිසා තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd