IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි

(අමදෝරු අමරජීව)

දෙමළ ජාතික සන්ධානයට  බලය හිමි ත්‍රිකුණාමලය නගර සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති නාගරාසා රාසනායගම් මහතා ඉදිරිපත් කළ  අයවැයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව සහය ලබාදී (13) අයවැය සභා සම්මතකර ගනු ලැබුහ.

අයවැයට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු නව දෙනාට අමතරව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරු හතර දෙනා , ස්වාධින  මන්ත්‍රීවරු දෙදෙනා සමඟ එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුද ,ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයා,  සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයා   සමඟ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරයාද අයවැයට  පක්ෂව ඡන්දය ප්‍රකාශ  කලහ.

පක්ෂව ඡන්ද 19ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.ඒ අනුව වැඩි ඡන්ද 18කින් අයවැය සභා සම්මත විය.

විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි  පක්ෂයේ එස්.සිවකුමාර් මහතා පමණි. ඔහු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් මෙය ජනතාවාදි අයවැයක් නොවන බව  කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක් ඡන්දය දීමෙන්  වැළකි සිටි අතර  තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සභාවට නොපැමිණියේය.



අදහස් (0)

ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site