ප්‍රසාද් මුතුකුඩ
මීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් 2019 වර්ෂයට ඉදිරිපත් කළ අයවැය ලේඛනය අද (14) ඡන්ද 40 සභා සම්මත විය . අයවැයට පක්ෂව ජොදුජන පෙරමුණේ ඡන්ද 25 සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද 15 ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 3 ක් ද ඊට විපක්ෂව ඡන්දය භාවිතා කළේය.
නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව මහා නගර සභා ශාලාවේ දී පැවැත්විණි.
නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් ෆරිස් මහාතා මෙයට සහභාගී වු අතර මීගමුව එජාප සහ ශ්‍රිලනිප පක්ෂ නායකවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු සහ ලලිත් ටෙන්සිල් යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් පස්දෙනෙකු මෙම අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා සහභාගී නොවූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මීගමුව මහ නගර සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි