අමදෝරු අමරජීව
කන්තලේ වාන් ඇළ පන්සල් ගොඩැල්ලේ විදුලිවැට කඩා ගම්වැදුණු වල් අලියකු ගෙවත්තක වැටකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටළී විදුලි සැර වැදීමෙන් අද (13) මියගොස් ඇතැයි වාන්ඇල පොලිසිය පවසයි.
මියගිය අලියා සම්බන්ධයෙන් වාන්ඇල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාහුල් කන්දේවත්ත මහතා කළ දැනුම් දීමට අනුව පැමිණි වනජීවී නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණයක් ඇරඹූහ.
ගෙවත්තේ ආරක්ෂිත වැටේ ඇද තිබූ කම්බියකට ප්‍රධාන විදුලිය සම්බන්ධ කර තිබියදී අලි හොඬය අනවසර විදුලි රැහැනේ පැටළීම නිසා අලියා මිය ගොස් තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd