( සිතුම් චතුරංග)
සුනඛයින් දඩයම් කිරීම සඳහා වවුනියාව නෙළුකුලම රාසේන්ද්‍රකුලම් ගම්මානයේ නිවාස අසලට පැමිණ සිටි අඩි අටක් පමණ දිග හැළ කිඹුලකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙනවිත් අද (12) නෙලුක්කුලම පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
අලුයම් කාලයේ කිඹුලෙකු පැමිණ ඇති බවට ගම්වාසින් විසින් පොලිසිය වෙත දැණුම්දී ඇති අතර පසුව එම පොලිස් නිලධාරීන් සහ ගම්වාසින් එක්ව මහත් පරීශ්‍රමයක් දරා කිඹුලා අල්ලාගෙන පොලිස් මුරපොල වෙත රැගෙනවිත් තිබේ.
පොලිස් මුරපොල වෙත රැගෙන ආ කිඹුලා වවුනියාව වනජීවි නිලධාරීන් වෙත භාරදෙනු ලැබිණි.
වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීන් පැවසූවේ අල්ලාගත් කිඹුලා සුනඛයින් දඩයම් කිරීමට හුරුවී ඇති බැවින් මෙලෙස ගම්වදින්නට ඇති බවයි.
අල්ලාගනු ලැබූ කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක හා ආරක්ෂිත ස්ථානයක් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද සඳහන් කළේය.

(රොමේෂ් මධුසංඛ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd