IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැස්බෑවන් ඇල්ලූ ධීවරයෝ 4ක් අල්ලති

රොමේෂ් මධුෂංඛ

යාපනය මුහුදේදී කැස්බෑවුන් පස් දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්. ශිවකරන් මහතා පවසයි.     

                                                  
අල්ලාගත් කැස්බෑවුන්, ධීවර යාත්‍රාවක දමා විකිණීමට සූදානම් කර තිබියදී එම ධීවර යාත්‍රාවද සමඟ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.                                                             
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කැස්බෑවුන් තිදෙනෙකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද, යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේදී කැස්බෑවුන් දෙදෙනකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

                       
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.     

     
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
 



අදහස් (0)

කැස්බෑවන් ඇල්ලූ ධීවරයෝ 4ක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site