රොමේෂ් මධුෂංඛ
යාපනය මුහුදේදී කැස්බෑවුන් පස් දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්. ශිවකරන් මහතා පවසයි.
අල්ලාගත් කැස්බෑවුන්, ධීවර යාත්‍රාවක දමා විකිණීමට සූදානම් කර තිබියදී එම ධීවර යාත්‍රාවද සමඟ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කැස්බෑවුන් තිදෙනෙකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද, යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේදී කැස්බෑවුන් දෙදෙනකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd