ආරක්ෂාව ගැන ජනපතිට කියනවා- ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සංවිධායක කියයි තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇතැයි ද පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන්ට ඒ ගැන ලිඛිතව දැනුම්වත් කරන්නේ යැයි ද උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමේදී පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටින ශ්‍රීලනිප මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සංවිධායක බන්දුල සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 10 December 2018
අතුරුදන්වුවන්ගේ ඥාතීහු පාරට බසිති දෙසැම්බර් 10 වැනිදා යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතුරුදන් වූවන්ට විසඳුම් ඉල්ලා අද (10) දහවල් මුලතිව්හි දැවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි. 10 December 2018
බෝගස කපා බිම හෙළීමෙන් කුරුළු කැදළි විනාශ වී කුරුල්ලෝත් මරු දකිති කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ඇති ඉපැරණි බෝ ගසක් කපා දැමීම නිසා එහි වාසය කළ පක්ෂීන් විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ මිය ගොස් ඇත. 10 December 2018
මඩකලපුවේ මුහුද රළුවෙයි මඩකලපුවේ මහ මුහුද කැළඹී ඇති හෙයින් ධීවරයින්ට මුහුදු නොයන්නැයි දිසා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 10 December 2018
යතුරුපැදිවලින් ආ පිරිසක් දෙදෙනෙක්ව කපා දමා පලා යති හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී අද (10) යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 10 December 2018
රත්නපුර ද්විත්ව ඝාතනයක් රත්නපුර පොලිස් වසමේ ගොරකඇල මණ්ඩදෙණියට හැරෙන තුංමං හන්දියේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි රත්නපුර පොලීසිය පවසයි. 10 December 2018
පාදුක්ක නිවසකින් ගිනිඅවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට පාදුක්ක අරලිය මාවතේ නිවසක සඟවා තිබූ ගිනි අවියක්, ටී පනස් හයේ උණ්ඩ තොගයක් ද, දම්පේ හන්දියේදී ගිනි අවියක් හා උණ්ඩ ද ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අද(10) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි. 10 December 2018
‘ගුරු මාරු දේශපාලනයට යට වෙලා’ - ලංකා ගුරු සේවා සංගමය වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දේශපාලන හා නිලධාරින්ගේ හිතවත්කම් මත කිරීමට ඉඩහැර ඇතැයි චෝදනා කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත. 10 December 2018
විල්පත්තු රක්ෂිතයෙන් කැපු බුරුත කඳන් සමඟ දෙදෙනකු අත්අඩංගුවට විල්පත්තුව වන රක්ෂිතයෙන් කපා, කළපුව ඔස්සේ ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 12 ක පමණ වටිනාකමින් යුතු, බුරුත කඳන් තොගයක් කල්පිටිය කුරුඥම්පිටිය නිවසක ගබඩා කර තිබියදී,සැක කරුවන් දෙදෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි. 10 December 2018
අත් පා බැඳ සේවකයකුට පහර දුන් හිමිකරුවෙක් අත්අඩංගුවට වයෝවෘද්ධ සේවකයාට පහර දී අත් පා හා කට බැඳ හොරණ වෙළඳසැලක් පිටුපස කාණුවක් මත දැමූ වෙළඳසැලේ හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 10 December 2018
ඉරණමඩු වැවේ දිය නාමින් සිටි අයෙක් මරුට කිලිනොච්චිය ඉරණමඩුව වැවේ වාන් ජලයෙන් දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 10 December 2018
වතු කම්කරු උද්ඝෝෂණ දිගටම තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය 7 වැනි දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති නායකයින් තීරණය කර ඇත. 10 December 2018
බස් - යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම හතපැලෑන ප්‍රදේශයේ දී අද (10) අලුයම පෞද්ගලික බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 10 December 2018
කේරළ ගංජා තොගයක් කොල්ල කෑ 6ක් අත්අඩංගුවට ඉන්දීය වල්ලමකින් කොල්ල කන ලද, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පහක්, ඒ සඳහා යොදා ගත් ධීවර යාත්‍රාව, එන්ජිම, සැකකාරියක ඇතුළු සැකකරුවන් සය දෙනෙකු කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 10 December 2018
ගල්කිස්සේ අනතුර කළ රියදුරු කොළඹට මාරු කරන්න යාමේදී කලබලයක් ගල්කිස්සේදී පුද්ගලයින් තිදෙනකුට මරු කැඳවමින් තවත් 7 දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධිට සැක අනතුරු සිදු කළ බව පැවැසෙන රියදුරු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට ගිය අවස්ථාවේදී මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් රෝහලේදී නොසන්සුන්කාරීව හැසිරීමෙන් කලබලයක් ඇති වු බව රෝහල් අධ්යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවසීය. 09 December 2018
මත්පැන් පානය කළ අයෙක් මරුට නල්ලංචිය වැව් තාවුල්ලේ දී අඹ යහලුවන් දෙදෙනෙකු එක්ව මත්පැන් පානය කිරිමෙන් පසුව එක් පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 09 December 2018
ධාවනය වෙමින් තිබු මෝටර් රියක් හදිසියේ ගිනි ගනී ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් පානදුර කවිරාජ් මාවතේදී අද (09) අලුයම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි. 09 December 2018
බූන්දල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට වෙඩි තැබු සැකකරුවෙක් අත්අඩංගුවට බූන්දල ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරින්ට වෙඩි තබා පලා යමින් සිටි දඩයම්කරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වනජිවි නිලධාරින් විසින් අද (9) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 09 December 2018
නාය අවදානමක් නිසා පවුල් දෙකක් ඉවත් කරති මහ වැසි සමඟ කන්දකැටිය බෝලියද්ද ග්‍රාමයේ කූඹුරක ඇතිවු නාය අවදානමක් නිසා ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ උපදෙස් මත නිවාස දෙකක පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 09 December 2018
බද්දේගම ප්‍රා.සභාවේ මන්ත්‍රීගේ නිවසට පහරදෙයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුචිර සතරසිංහ මහතාගේ නිවසට කිසියම් පිරිසක් පහර දී අලාභහානි සිදුකර ඇතැයි පෝද්දල පොලිසිය පවසයි. 09 December 2018
පොලිස් නිල සුනඛ ‘සාසා‘ මරුට යාපනය කෝපායි පොලීසියට අනියුක්තව සිටි බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු ලෙස සැලකූ පොලිස් සුනඛ ‘සාසා‘ හදීසි අසනීපයක් හේතුවන් මිය ගිය බවට කෝපායි පොලීසිය පවසයි. 09 December 2018
වැලිගම කළහකාරීව හැසිරුණු කොස්තාපල්වරු දෙදෙනා රිමාන්ඩ් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළට අයුතු ලෙස ඇතුළු වී විදේශීය ජාතිකයින්ට හිරිහැරයක් වන පරිදි බීමත්ව කළහකාරීව හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය. 09 December 2018
නාවික හමුදා මධ්‍ය නිලධාරීන් 36 දෙනකු විසිර යති ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු සහ 56 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අධිකාරියට පත් කර විසිර යාමේ උත්සවය පසුගියදා පැවැත්විණි. 09 December 2018
හෙරොයින් ජාවාරමේ යෙදී සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට පොලිස් නිළධාරින් මඟ හරමින් කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවළක් පුත්තලම කොඨඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 December 2018
හදපාන්ගොඩ ත්‍රීරෝද රථයකින් බෝර 12 ගිනිඅවියක් හමුවෙයි ඉංගිරිය හදපාන්ගොඩ දී සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරිමේදී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩයක් සොයා ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 09 December 2018
වෑන් - බස් අනතුරින් විදේශීය කාන්තාවක් මරුට නෙදර්ලන්ත ජාතික අඹුසැමි යුවලක් ගමන් කළ වෑන් රථයක් අහංගම කබලානේ දී පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම විදේශීය කාන්තාව මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 09 December 2018
විදුලිසැර වැදී දරුවෙක් මරුට තණමල්විල සෙවනගල කිරිවැව ප්‍රදේශයේ නිවසකදී අද (9) විදුලිසැර වැදීමෙන් කුඩා දරුවකු මිය ගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි. 09 December 2018
ඉන්දියාවේ සිට හොරෙන් ගෙන ආ ග්ලයිෆොසෙට් කිලෝ 582 ස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනආ තහනම් කෘමිනාශකයක් වන ඇමෝනියා සල්ෆේට් නොහොත් ග්ලයිෆොසේට් කිලෝ 582 සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි. 09 December 2018
සුනාමියේදී මිය ගිය 136 දෙනකුගේ අස්ථී කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යන කටයුතු වෙනුවෙන් සුනාමි ඛේදවාචකයේ දි මියගිය පුද්ගලයින් 136කගේ මළ සිරුරුවල අස්ථි කොටස් කරාපිටිය වෛද්‍ය පිඨයේ සංරක්ෂණය කර තබා ඇති අතර එම අස්ථි කොටස් වෛද්‍ය පිඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා යොදා ගන්නා බව කරාපිටිය වෛද්‍ය පිඨ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සී.පී. පෙරේරා මහතා පැවසීය. 09 December 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025