රොමේෂ් මධුෂංඛ
දෙසැම්බර් 10 වැනිදා යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතුරුදන් වූවන්ට විසඳුම් ඉල්ලා අද (10) දහවල් මුලතිව්හි දැවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි.
2017 මාර්තු උතුරේ ස්ථාන කිහිපයක යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ට පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අද (10) වන විට දින 643ක් ගත වී ඇතත් මේ දක්වා පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම විරෝධතා පා ගමන අතුරුදන් වූවන්ගේ ඥාතීහු විසින් ආරම්භ කර ඇත.
මුලතිව් දේවාල මංසන්ධියේ සිට මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් විසින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති අතුරුදන් වූවන් සේවීම පිළිබඳ වූ කාර්යාල දොරටුව ඉදිරිපිට හිඳ ගනිමින් මෙම විරෝධතාවය සිදු කරනු ලැබීය.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් දිස්ත්‍රීක්කයේ යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.



2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන්වුවන්ගේ ඥාතීහු පාරට බසිති