රොමේෂ් මධුෂංඛ
දෙසැම්බර් 10 වැනිදා යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතුරුදන් වූවන්ට විසඳුම් ඉල්ලා අද (10) දහවල් මුලතිව්හි දැවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි.
2017 මාර්තු උතුරේ ස්ථාන කිහිපයක යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ට පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අද (10) වන විට දින 643ක් ගත වී ඇතත් මේ දක්වා පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම විරෝධතා පා ගමන අතුරුදන් වූවන්ගේ ඥාතීහු විසින් ආරම්භ කර ඇත.
මුලතිව් දේවාල මංසන්ධියේ සිට මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් විසින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති අතුරුදන් වූවන් සේවීම පිළිබඳ වූ කාර්යාල දොරටුව ඉදිරිපිට හිඳ ගනිමින් මෙම විරෝධතාවය සිදු කරනු ලැබීය.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් දිස්ත්‍රීක්කයේ යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd