කොට්ටාව හයිලෙවල් මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට කොට්ටාව නාකුඹුර හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන උප පොලිස් පරීක්ෂකවරයකු පැදවු තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් අයකු මිය ගිය බව පොලිසිය පවසයි. 09 December 2018
අනතුරු දෙකකින් 3ක් මරුට:7ක් රෝහලේ ගල්කිස්ස උසාවිය හා රත්මලාන ඉන්ධනහල අසළ දී සිදු වු අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. 09 December 2018
තරුණයෙක් දියේ ගිලි ජීවිතක්ෂයට මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලී ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 08 December 2018
දළ ඇතකු පහරදීමෙන් අයෙක් මරුට ගල්කිරියාගම අලුත්වැව ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දළ ඇතකු පහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂන කටයුතු අද 08 සිදු කෙරිණි. 08 December 2018
මෝටර් රථ අනතුරින් පොලිස් නිලධාරියා මරුට බදුල්ල නගරයේ ප්‍රධාන වටරවුමේ ආලෝක සංඥාා පුවරුවේ ඇති කොන්ක්‍රීට් කණුවක අද (8) හවස 5.30 ට පමණ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පොලිස් නිළධාරියෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතයි බදුල්ල පොලීසිය පවසයි. 08 December 2018
බස්- යතුරුපැදි අනතුරින් පොලිස් නිලධාරියා මරුට බදුල්ල ස්ප්‍රීංවැලි ප්‍රධාන මාර්ගයේ ස්ප්‍රීංවැලි කෝට්ටේගොඩ ප්‍රදේශයේදී අද (8) හවස 2.30 ට පමණ පොලිස් නිළධාරියෙකු විසින් ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පොලිස් නිලධාරියා මියගොස් ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 08 December 2018
බසයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකුට තුවාල වැලිමඩ නුවරඑළිය පධාන මාර්ගයේ ධාවනයවෙමින් තිබූ ලංගම බස් රථයක් අද ( 08 දා ) වැලිමඩ නුගතලාව උඩුමුල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකු තුවාල ලබා වැලිමඩ සහ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 08 December 2018
කන්ටේනර් - බස් ගැටුමෙන් තිදෙනෙක් තුවාල ලබති ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ ළූණු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද (08) මුහුණට මුහුණ ගැටීමෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක වැදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. 08 December 2018
අලියෙක් ඇලකට වැටෙයි සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වෙසෙන සද්ධන්තයෙකු රාත්‍රී කාලයේ ආහාර සොයායමින් සිටියදී අද (08) අලුයම වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේදී මහවැලි ZD ඇලට ඇද වැටී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 08 December 2018
ගිනිඅවි සමග යතුරුපැදියක් පොලිස් භාරයට උඩුගම හෝමදොලවත්ත කොතලාවල ප්‍ර දේශයේ දි විදේශිය රටක නිෂ්පාදිත බෝර දොළහේ ගිණි අවියක් ,පතරොම් ගැබක් හා යතුරු පැදියක් පොලිස් භාරයට ගත බැව් උඩුගම පොලිසිය කියයි. 08 December 2018
පිහි ඇනුමකින් අයෙක් මරුට බදුල්ල සොරණාතොට මීගහවෙල ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රීයේදී පුද්ගලයෙකු පිහියකින් කපා මරා දමා ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 08 December 2018
ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරා ගැනීමට තැත්කළ පිරිසක් පලායයි වැලිමඩ කැප්පෙටිපොල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (8) අලුයම එකට පමණ කිසියම් පිරිසක් විසින් ටේලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරා ගැනීමට උත්සහ කර ඇතයි වැලිමඩ පොලීසිය පවසයි. 08 December 2018
ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ට ජනපතිගෙන් අවසන් ගෞරව අපවත් වී වදාළඅලුත්ගම එෙතිහාසික කන්දේවිහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අති පූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැකවීම සඳහා (07)දා රාත්‍රී 10.00ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එෙතිහාසික කන්දේවිහාරයට පැමිණි සිටි අයුරුයි. 08 December 2018
හෙරොයින්, මත් පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවට මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි ප්‍රදේශයේ කරන ලද වැටලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග එක් අයෙකුත් මත්පැති සමග එක් අයෙකු දෙදෙනෙකු ඇත අඩංගුවට ගත බවට කාත්තන්කුඩ් පොලිසියේ ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවසිය ඔවුන් සතුව මුදල තොගයක්ද බාරයට ගෙන ඇත. 08 December 2018
ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ 6 ක් අත්අඩංගුවට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ හය දෙනෙකු අද (07) රාත්‍රී අත්අඩංගුවට ගත්බව දංකොටුව පොලිසිය කියයි. 07 December 2018
උඩුනුවර ප්‍රදේශීය සභාව උණුසුම් උඩුනුවර ප්‍රදේශීය සභාවේ 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව අද (07) සම්මත විය. 07 December 2018
ගාලු මහ නගර සබේත් අයවැය සම්මතයි ගාල්ල මහ නගර සභාවේ 2019 අයවැය ලේඛනය අද (7) පස්වරුවේ වැඩි ඡන්ද ඡන්ද 16 කින් සම්මත විය. 07 December 2018
ඇල්ල ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයේ අයවැය වාර්තාව අද (7) දෙවන වරට සභාවේ මාසික සභා වාරයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි ඡන්ද දොලහකින් සම්මත විය. 07 December 2018
හපුතලේ අයවැයි වැඩි ඡන්ද 8 කින් පරාදයි එක්සත් ජනතා සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පිටුවා ඇති හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයේ මංගල අයවැය අද (07) සවස වැඩි ඡන්ද අටකින් පරාජය විය. 07 December 2018
වන අලි පලවා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය වනජීවි දෙපාර්තුමේන්තුව විසින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන ගම් වැදි සිටින වල් අලි පලවා හැරිමේ මෙහෙයුමක් අද (7) පුත්තලම කල්අඩිය ගල්වල ප්‍රදේශයේදී ආරම්භ කළේය. 07 December 2018
මහරගම නගර සබේත් අයවැය සම්මතයි මහරගම නගර සභාව 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. 07 December 2018
යතුරුපැදියක් නවතා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් ගැන පරීක්ෂණ පෞද්ගලික මුල්‍ය ආයතනයක මුදල් එකතු කරන්නෙකු ගමන් ගත් යතුරුපැදියක් අවහිර කර ගිනි අවියක් පෙන්වා මුදල් රුපියල් 316,932 ක මුදලක් පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි. 07 December 2018
ගුවන් තොටෙන් රන් බිස්කට් තොගයක් අල්ලයි ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රීලාංකික ගුවන් මගියකු අද (7) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 December 2018
දඹුල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ 2019 දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් අද (7) සම්මත විය. 07 December 2018
ඉඹුල්පේ ප්‍රා.සබේත් අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා යෝජිත අයවැය අද (7) වැඩි ජන්ද 13 සම්මත විය. 07 December 2018
කරාපිටිය රෝහල අසල උද්ඝෝෂණයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට ස්ථාන මාරුවක් ලබා නොදෙන්නැයි ඉල්ලා කළ උද්ඝෝෂණයක් අද (7) කරාපිටිය ශීක්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්විණි. 07 December 2018
බදුල්ල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වසරට යෝජිත අයවැය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 14කින් අද (07) සම්මත විය. 07 December 2018
බෝගහතැන්නේ අනතුරකින් තිදෙනෙක් රෝහලට මීගහකිවුල - කලුගහකදුර ප්‍රධාන මාර්ගයේ බෝගහතැන්න හන්දිය ආසන්නයේ දී අද (07) උදෑසන ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අගලකට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කන්දකැටිය පොලිසිය පවසයි. 07 December 2018
කැකිරාවේ විදුලි සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප්‍රදේශයට අයත් නගර කිහිපයක විදුලි පාරිභෝගික සේවා කාර්යාලවල සේවකයෝ අද (07) උදෑසන 9.00 සිට පාරිභෝගික සේවා හා බිදවැටීම් ඇතුළු නඩත්තු කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති. 07 December 2018
කළමනාකාරීවරියක් නිවස තුළදී ගෙල කපා ඝාතනය කරයි කැස්බෑව පදිංචි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ වැල්ලවත්ත වැඩබිම් කාර්යාලයේ කළමනාකාරීවරියක ඇගේ නිවස තුළදී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. 07 December 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025