( දියතලාව - ඩී.කේ.රත්න)
වැලිමඩ කැප්පෙටිපොල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (8) අලුයම එකට පමණ කිසියම් පිරිසක් විසින් ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරා ගැනීමට උත්සහ කර ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
මෙම පිරිස විසින් මෙම රාජ්‍ය බැංකුවේ ටෙලර් යන්ත්‍රය කැඩීමට උත්සහ කිරීමේදී එම බැංකුවේ සවි කර තිබූ විදුලි සංඥාාව ක්‍රියාත්මක වීම නිසා පොලීසිය පැමිණීමත් සමග මෙම පිරිස පලාගොස් තිබේ.
පොලීසිය පැමිණීම නිසා කොල්ලකරුවන්ට කිසිදු මුදලක් රැගෙනයාමට නොහැකි වී ඇතයි වැලිමඩ පොලීසිය පවසයි.
මේ පිළිබදව මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd