(දියතලාව - ඩී.කේ.රත්න )
වැලිමඩ නුවරඑළිය පධාන මාර්ගයේ ධාවනයවෙමින් තිබූ ලංගම බස් රථයක් අද ( 08 දා ) වැලිමඩ නුගතලාව උඩුමුල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකු තුවාල ලබා වැලිමඩ සහ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට අයත් මෙම බස් රථය කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය කර වැලිමඩ නගරයේ මගී ජනතාව බැස්සවීමෙන් පසු නැවත කැප්පෙටිපොල ශ්‍රි ලංගම ඩිපෝව වෙත යමින් තිබියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ රිය සහායක ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර බස් රථයේ ඒ වන විට රැදී සිටි මගියෙකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. අනතුරින් බස් රථයටද දැඩි හානි සිදුව තිබේ.
වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිසියේ රධවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ සිදු කරති.

2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකුට තුවාල