IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වන අලි පලවා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනජීවි දෙපාර්තුමේන්තුව විසින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන ගම් වැදි සිටින වල් අලි පලවා හැරිමේ මෙහෙයුමක් අද (7) පුත්තලම කල්අඩිය ගල්වල ප්‍රදේශයේදී ආරම්භ කළේය.

පුත්තලම සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රක්ෂීත තුළ හා එළි පෙහෙලි නොකල පුද්ගලික ඉඩම් තුළ වල් අලි 50 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් එම වල් අලි ගම්මාන වෙත කඩා වැදි වගා හානි සහ ජන ජීවිතයට එල්ල කරන පීඩාවන් වැළැක්වීම සඳහා වනජීවි දෙපාර්තුමේන්තුව දින දහයක මෙහෙයුමට ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට කටයුතු කර තිබේ.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනි හේරත් මහත්මිය ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් කළ ඉල්ලීමක් අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් විසින් ඩ්‍රෝන කැමරා ලබා දී ඇත.

ඩ්‍රෝන කැමරා යොදාගෙන වල් අලි  සිටින ස්ථාන සොයා ගත් පසු වල් අලි පලවා හැරීමට යොදවන කාලය අවම කර ගැනීමට හැකිවන බවත් අලි වෙඩි පුපුරවා හැරීම අඩු වන බවත් පුත්තලම දිස්ත්‍රික් සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව් .එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා පැවසීය.

දින 10 ක මෙහෙයුමේදී වල් අලි පුත්තලම සෙල්ලන්කන්ද රක්ෂීතයට පලවා හැර විදුලි අලි වැට ශක්තිමත් කිරීමට  වනජීවි දෙපාර්තුමේන්තුව කටයුතු යොදා තිබේ.

මෙම මෙහෙයුම් සඳහා පුත්තලම මූලස්ථාන පොලිසිය , පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනද දායකත්ය ලබා දී තිබේ.

 



අදහස් (0)

වන අලි පලවා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31939 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14395 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11211 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 15 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 271 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1218 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site