පොලිස් නිලධාරියාගේ අණට අකීකරු වූ අයෙක්ට දඩ පොලිස් නිලධාරියකුගේ ආඥාවකට ක්‍රියාත්මක නොවීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් 1500ක දඩයක් නියම කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විත්තිකරුට එක් වසරක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවන ලෙස අද (04) නියම කළේය. 04 December 2018
ආගරපතන ප්‍රා.සභාව උණුසුම් වෙයි ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡාව අද (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම නිසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 04 December 2018
මැතිවරණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් අ’පුරෙන් සම්මත වෙයි ජනාධිපතිවරයා විසින් නම්කර ඇති දිනට ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බවට අදාළ අංශ වෙත දැනුම්දීමේ යෝජනාවක් අද (4) අනුරාධපුර මහ නගර සභාව සම්මත කළේය. 04 December 2018
ඉන්දියානු කම්කරුවන්ගෙන් යළිත් පැමිණිල්ලක් ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා අද (4) දහවල් නැවතත් ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ. 04 December 2018
තුවාලකරුවන්ට උදව් කරන්න ගිය අයෙක් මරුට අහංගම කබලානේදී අද (4) අලුයම සිදුවූ රිය අනතුරක තුවාලකරුවන් රෝහලට ගෙන යෑමට උදව් කරමින් සිටියදී එම ස්ථානයේදීම වෙනත් කුඩා ලොරි රථයක හැපී තුවාල ලැබ කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි. 04 December 2018
‘අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්’ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු හොරු ටික අකුළලා දාන්න ඕනෑ. වැරදි කරපු අය ජම්පර් අන්දලා හිරේට දාන්න ඕනෑ. 225 න් කීප දෙනෙකු හරි ඉතුරු වෙලා හොඳ අය පාර්ලිමේන්තුවේ ඉතුරුවෙයි. පාර්ලිමේන්තුව දැන් මොන්ටිසෝරියකටත් අන්ත වෙලා යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමන් මහතා පැවසීය. 04 December 2018
බස්නාහිර පළාත් සබේ එජනිස මන්ත්‍රීවරු දෙදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කීර්ති කාරියවසම් හා නවුසර් ෆවුසි මන්ත්‍රීවරුන් දෙදෙනා අද (04) පෞද්ගලික ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ අසුන් ගත්හ. 04 December 2018
අනතුරකින් අයෙක් මරුට:තිදෙනකු රෝහලේ අකුරණ මහ වංගුව අසලදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ. 04 December 2018
තවත් වන අලියෙක් දුම්රියට බිළි කිලිනොච්චිය මාන්කුලම් පණික්කන්කුලම් ප්‍රදේශයේදී අද (04) අලුයම දුම්රිය මාර්ගය හරහා ගමන් කළ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි. 04 December 2018
උඩවලව ඇත් පැටවා ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට උඩවලව ජාතික වනෝද්‍යානයේ දී ඇත් පැටවා ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලිසිය කියයි. 04 December 2018
වැලිකන්ද කෙත්වතුවලට වන අලි තර්ජන වැලිකන්ද රුවන්පිටිය මැණික්දෙනිය ඇතුළු අවට කෙත්වතුවලට කඩා වැදුණු වල් අලි රංචුවක් අද(04) අලුයම තම පැල ගොයම පාගා විනාශ කර ඇති බව ප්‍රදේශයේ ගොවීහු පවසති. 04 December 2018
තහනම් වල්නාශක අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ලේ ඉතා රහසිගතව ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙරට තහනම් කර ඇති වල්නාශක පැකට් දඹුල්ල නගරයේ මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගොවි සංවිධාන සහ සිවිල් සංවිධාන අවධාරණය කරයි. 04 December 2018
දුම්වැටි තොගයක් සමඟ දෙදෙනකු ගුවන්තොටේදී අත්අඩංගුවට විදේශිය නිෂ්පාදිත දුම්වැටි තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පවසති. 04 December 2018
බස් - වෑන් අනතුරින් අයෙක් මරුට අහංගම කබලානේදී අද (4) අලුයම වෑන් රථයක් පෞද්ගලික බස් රථයක හැපීමෙන් වෑන් රථයේ රියදුරු මිය ගොස් එහි ගමන් කළ විදේශික කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි. 04 December 2018
වල් අලි රංචුවක් කොට්ටුකච්චියේ කුඹුරු යායක් වනසති ආණමඩුව කොට්ටුකච්චිය කොට්ටුකච්චිය ව්‍යාපාරයේ වම් සහ දකුණු ඉවුරු යටතේ ඇති කුඹුරු යායක් වෙත දින දෙකක් තුළ කඩා වැදී ඇති තිහකට ආසන්න වල් අලි රංචුවක් මසකට ආසන්න පැල ගොයම වනසමින් සැරිසැරිමත් සමඟ ගොවීහු දැඩි අසිරුතාවයකට පත්ව තිබේ. 03 December 2018
හිස පීරන පනාවක් හෙරොයින් ජාවාරමට යොදා ගත් අයෙක් අත්අඩංගුවට පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 03 December 2018
රත්නපුරයට නායයෑම් අවදානමක් පවතින තද වැසි සහිත තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 03 December 2018
සා.පෙළ ලියා ගෙදර යමින් සිටි දැරියක් යතුරුපැදියක ගැටී තුවාල ලබයි ආඩියාගල පාසලේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට සියා පියා සමඟ යතුරු පැදියෙන් නිවසට යමින් සිටි 16 හැවිරිදි සිසුවියක් පලාගල හන්දිය ආසන්නයේදී ඉදිරිපසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා අද (03) දඹුල්ල රෝහලට ඇතුළත් කලබව ගල්කිරියාගම පොලිසිය කියයි. 03 December 2018
නැවත ත්රස්තවාදයක් එපා කියමින් කිළිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි නැවත ත්රස්තවාදයක්, ආයුද කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද (03) පෝස්ටර් අලවා තිබූ බව කිළිනොච්චි වැසියෝ කියා සිටිති. 03 December 2018
යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ මංසන්ධිය ආසන්නයේදී මාර්ගයේ අද (3) උදෑසන නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටුණු යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි. 03 December 2018
ඊලාම් විමුක්ති කොටින්ට විරුද්ධව උද්ඝෝෂණයක් ඊලාම් විමුක්ති කොටීන්ට විරුද්ධව අද (3) අක්කරේපත්තුවේ උද්ඝෝෂණයක් පැවැත්විණි. 03 December 2018
යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවකින් පරිසර හානිය ඉහළ ගොස් ඇතැයි උද්ඝෝෂණයක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාව මගින් මේ වන විට පාරිසරික හානිය ඉහළ ගොස් ඇති බව පවසමින් එහි සේවකයෝ අද (03) විරෝධතාවක නිරත වුහ. 03 December 2018
හෙරොයින් පැකට් 24 ක් සමඟ අයෙක් අත්අඩංගුවට අම්බලන්තොට ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිතර වූ ජාවාරම්කරුවෙක් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් දෙදහස් හැත්තෑවක් අඩංගු පැකට් 24ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීහු පවසති. 03 December 2018
ගාලු- බත්තරමුල්ල බස් වර්ජනයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කරනු ලැබූ බස් රථ දෙකකට පිටකොටුව තෙක් ධාවනයට ගමන් අවසර පත් දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද (3) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කළේය. 03 December 2018
විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් 278 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානයක් සබරගමුව පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 278 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කළේය. 03 December 2018
නිධන් හැරූ 7 ක් රිමාන්ඩ් පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ මාරතුගොඩ කොට්න්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු අද (3) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. 03 December 2018
අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 6 ක් අත්අඩංගුවට විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 03 December 2018
බොරලු ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගලේවෙල පහළ දිග්ගල ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී බොරලූ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 03 December 2018
පූජාපිටියේ නිදන් හාරමින් සිටි හතක් අත්අඩංගුවට පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මාරතුගොඩ කොටින්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන සැකකරුවන් හත් දෙනෙකු පූජාපිටිය පොලීසිය මගින් අද (02) සවස අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 02 December 2018
බාලවයස්කාර දැරිය ගැබිණියක් කළ හමුදා භටයා රිමාන්ඩ් බාලවයස්කාර දැරියක් ගැබිණියක් බවට පත්කළ විවාහක හිටපු නාවික හමුදා භටයකු පහලවැටියාවේ දී අද (2) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 02 December 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025