IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උඩවලව ඇත් පැටවා ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට

 

 

අනීෂා මානගේ

උඩවලව ජාතික වනෝද්‍යානයේ දී ඇත් පැටවා ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්යය බළකාය, වනජීවි නිලධාරීන්, හම්බෙගමුව සහ සෙවනගල පොලිස් ස්ථානයන්හී නිලධාරීහු එක්ව සිදුකළ වැටලීමක දී මොවුන්  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූයේ සෙවනගල උක් වගාවේ මුරකරුවකු ලෙස සේවය කරන සෙවනගල එකමුතුගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.

උඩවලව ජාතික වනෝද්‍යානයේ තණමල්විල උඩවලව මාර්ගයට ආසන්නව මෙම මුගලන් දළ ඇතා ඉකුත් දා වෙඩි තබා ඝාතනයට ලක්කර තිබිණි.

දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවණේ පශූ වෛද්‍ය මාලක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

 එහිදී ඇතාගේ හිසෙහි තිබී හමුවූ වෙඩි උණ්ඩවල ස්වභාවය අනුව ඒවා විදුලි කණුවක ආධාරක කම්බියක කොටසක් කපා සකස් කරගත් ඒවා බව පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් හඳුනාගෙන තිබේ.

වෙඩි උණ්ඩ සකස් කිරීමට උපයෝගී කරගෙන ඉතිරි වූ කම්බි කොටස් නැවත වෑල්ඩින් කර පාස්සා තිබියදී සැකකරුගේ නිවෙසෙහි තිබී සොයාගත් බව නිලධාරීහු පවසති.

උක් වගාවට සිදුකරන හානි වැළැක්වීම සඳහා මෙම ඇත් පැටවා ඝාතනය කර ඇතැයි සැකපළ කරයි. 



අදහස් (1)

උඩවලව ඇත් පැටවා ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට

රවින් Tuesday, 04 December 2018 06:59 AM

අලියාගේ වාස භූමියට බලහත් කාරයෙන් අතුල්වුයේ මිනිහාද? මිනිහාගේ වාස භූමියට බලහත් කාරයෙන් අතුල්වුයේ අලියාද? අලියා හිටියේ අලි වැටෙන් එහාපැත්තේද? මෙහා පැත්තේද? රජකාලේ දඬුවම් තමා දෙන්න ඕනේ. නඩුව දවස් තුනෙන් හෝ හතරෙං ඉවරකරලා දාන්න.

:       0       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site