අනීෂා මානගේ
උඩවලව ජාතික වනෝද්‍යානයේ දී ඇත් පැටවා ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යය බළකාය, වනජීවි නිලධාරීන්, හම්බෙගමුව සහ සෙවනගල පොලිස් ස්ථානයන්හී නිලධාරීහු එක්ව සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූයේ සෙවනගල උක් වගාවේ මුරකරුවකු ලෙස සේවය කරන සෙවනගල එකමුතුගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ තණමල්විල උඩවලව මාර්ගයට ආසන්නව මෙම මුගලන් දළ ඇතා ඉකුත් දා වෙඩි තබා ඝාතනයට ලක්කර තිබිණි.
දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවණේ පශූ වෛද්‍ය මාලක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
එහිදී ඇතාගේ හිසෙහි තිබී හමුවූ වෙඩි උණ්ඩවල ස්වභාවය අනුව ඒවා විදුලි කණුවක ආධාරක කම්බියක කොටසක් කපා සකස් කරගත් ඒවා බව පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් හඳුනාගෙන තිබේ.
වෙඩි උණ්ඩ සකස් කිරීමට උපයෝගී කරගෙන ඉතිරි වූ කම්බි කොටස් නැවත වෑල්ඩින් කර පාස්සා තිබියදී සැකකරුගේ නිවෙසෙහි තිබී සොයාගත් බව නිලධාරීහු පවසති.
උක් වගාවට සිදුකරන හානි වැළැක්වීම සඳහා මෙම ඇත් පැටවා ඝාතනය කර ඇතැයි සැකපළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියාගේ වාස භූමියට බලහත් කාරයෙන් අතුල්වුයේ මිනිහාද? මිනිහාගේ වාස භූමියට බලහත් කාරයෙන් අතුල්වුයේ අලියාද? අලියා හිටියේ අලි වැටෙන් එහාපැත්තේද? මෙහා පැත්තේද? රජකාලේ දඬුවම් තමා දෙන්න ඕනේ. නඩුව දවස් තුනෙන් හෝ හතරෙං ඉවරකරලා දාන්න.