මහවැලි ඇළට කැබ් රියක් පෙරලී අයෙක් මරුට අරලගංවිල 05 කණුව ප්‍රදේශයේ දී අද (30) අලුයම මහවැලි ඉසෙඩ් ඩී ඇලට කැබ් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 30 November 2018
නිවෙසක් තුළ නිධන් හෑරු හතරක් අත්අඩංගුවට තංගල්ල කඳුරුපොකුණ ප්‍රදේශයේ නිවෙසක් තුළ අඩි 40ක පමණ ප්‍රමාණයක් කැණීම් සිදුකර නිධන් ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් හතරදෙනෙක් අද (29) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. 29 November 2018
හාලිඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි 2019 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මුදල් ප්‍රකාශය අද (29) වැඩි ඡන්ද 25 කින් සම්මත විය. 29 November 2018
ව්‍යාපාරිකයාගේ නිවෙසින් විදෙස් මුදල් සොරකම් කළ මෙහෙකාරිය අත්අඩංගුවට බම්බලපිටිය ලෙයාඩ් පාරේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් එක් කෝටි අනූතුන් ලක්ෂ තිස්හතරදහස් පන්සියයක් වටිනා විදේශ මුදල් තොගයක් සොරාගත් එම නිවසේ මෙහෙකාරිය, ඇගේ දියණිය සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. 29 November 2018
බණ්ඩාරගම ප්‍රා.සබේත් අයවැය සම්මතයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය වැඩි ඡන්ද නවයකින් සම්මත වූ බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වර්ණා කේ. පෙරේරා මහත්මිය පැවසුවාය. 29 November 2018
කඩ කාමරය ඉවත් කළැයි සත්‍යග්‍රහයක් නාත්තන්ඩිය නගරයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු තම දරු පවුල සමඟ අද( 29) පෙරවරුවේ සිට සත්‍යග්‍රහයක් අරඹා ඇතැයි පොලිසිය පවසයි. 29 November 2018
කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති “ඉතාලියේ රස්සාවට ගියාම අවුරුදු පහක් හිටියාම පුරවැසිකම ලැබෙනවා ඒ රටේ ඉන්න සුදුසුයි කියලා. නමුත් අපි අවුරුදු 30 ක් ඉදලත් තාම අපිට මේ ඉඩම්වලට ඔප්පුවක් නැහැ” යැයි කන්දකුලිය ඉච්චන්කාඩුව ඩබ්ලියු නලින්කා ප්‍රනාන්දු මහත්මිය දැඩි වේදනාවකින් කීවාය. 29 November 2018
කුරුණෑගල ප්‍රා.සබේත් අයවැය සම්මතයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2019 වසර සඳහා ප්‍රථම අයවැය වාර්තාව අද (29) ඉදිරිපත් කරන ලද අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගී නොවූහ. 29 November 2018
හේවාහැට අය වැය සම්මතයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි පාත හේවාහැට ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (29) ඉදිරිපත් කළ අතර එය බහුතරයෙන් සම්මත විය. 29 November 2018
මොරගහකන්ද වාන් දොරටු විවෘත කරද්දී අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමේ උපරිමය (මීටර 185) දක්වා පැමීණිම නිසා වාන් දොරටු විවෘත කිරීමේ දී අඹන් ගඟ පහළ ජනතාවට සැලකිළිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසති. 29 November 2018
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ අද (29) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව නිසා සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය. 29 November 2018
නල්ලතන්නියේ සිට සීත ගඟුල දක්වා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ශ්‍රී පාද වන්දනා වාරයේදි නල්ලතන්නියේ සිට සීත ගගුල දක්වා ඉදි කර තිබෙන අනවසර වෙළදසැල් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අද (29) පැවසීය. 29 November 2018
දඹානටත් ආසූත ජල පෙරණයක් “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” තේමාවෙන්, වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිෂ්පාදනය කළ තවත් ප්‍රති ආසූත ජල පිරිපහදු යන්ත්‍රයක් දඹාන ආදිවාසි ගම්මානට පිරිනැමීම සිදු කෙරිණි. 29 November 2018
බඳින තුවක්කුවක් පත්තු වී හමුදා සෙබලෙක්ට තුවාල වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී සෝදිසි මුර සංචාරයේ නිරත වූ යුද හමුදා පිරිකට දඩයක්කරුවන් විසින් තබන ලද බඳින තුවක්කුවක් පත්තු වී යුද හමුදා සෙබලෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවට යුද හමුදාව කියා සිටියේය. 29 November 2018
මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (29) ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දීමෙන් වැළකී සභා ගර්භයෙන් පිට වී ගිය අතර ඒ අනුව 2019 අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද 21 හිමිකර ගනිමින් 2019 අයවැය කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු බලයේ සිටින එජාපයට හැකි විය. 29 November 2018
ආපදා දැනුවත් කිරීමේ වැඩමුළුවක් රත්නපුරදී නිරන්තරයෙන් සිදුවන ආපදා තත්ත්ව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (29) රත්නපුර සමුදි උත්සව ශාලාවේ පැවැත්විණි. 29 November 2018
පොහොර ලබා නොදීමෙන් හොරොව්පොතාන ගොවියෝ අමාරුවේ තම වී වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා මුදල් ගොවි නියාමකවරයාට ලබාදී සති කිහිපයක් ගත වුවද මෙතෙක් තමන්ට පොහොර ලබා නොදීම හේතුවෙන් වැපුරූ ගොයමට පොහොර යොදා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව හොරොව්පොතාන ගොවිහු පවසති. 29 November 2018
ඌව සබේ මන්ත්‍රීවරු කළුපටි පැළඳ සභා ගැබට පාර්ලිමේන්තුවේ අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීව සිදුකර ඇතැයි පවසමින් එයට විරෝධය පා ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළද අද (29) ඌව පළාත් සභාවේ මාසික රැස්වීමට සහභාගී වී සිටිති. 29 November 2018
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (29) අලුයම නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි. 29 November 2018
නීති විරෝධීව ප්‍රවාහනය කළ හක් බෙල්ලන් තොගයක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවකු අද (28) උඩප්පුව සින්නපාඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. 28 November 2018
සුවසැරිය ගිලන් රථ සේවය දිවයින පුරා 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 28 November 2018
තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා වර්ෂාව හේතුවෙන් තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය“ඩෙස්ෆෝඩ්” ප්‍රදේශයේ පිහිටි වසර 100 ක් පමණ පැරණි යකඩ පාලමක් අද (28) හදිසියේ පුපුරා යාමත් සමඟ එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා පැමිණ ඇති බව නානුඔය පොලීසිය පවසයි. 28 November 2018
ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 22 වැනිදා ඇරඹේ 2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් 22 වැනිදාට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරෙන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථ ශ්‍රි සුමණ මහා මන්දිරයේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ විවෘත කර පුද සිරිත් පවත්වා එළඹෙන දෙසැම්බර් 21 වැනිදා අලුයම සමනල අඩවියම ආවරණය වන පරිදි මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද මළුව කරා වැඩම කරවීමට නියමිත බවත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ. 28 November 2018
ගම්පහ සිසුවාගේ රොකට්ටුවත් යුද හමුදා ප්‍රදර්ශනයට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා නිර්මාණය කරන ලද රොකට්ටුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා සමඟ කතාබහක නිරතවිය. 28 November 2018
ලිහිසි තෙල් තොගයක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට රුපියල් දෙලක්ෂ අසූ අට දහසක් වටිනා ලිහිසි තෙල් තොගයක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (28) අත්අඩංගුවට ගත්බව අහංගම පොලිසිය කියයි. 28 November 2018
පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට මරණ දඩුවම් පුද්ගලයකු ඝාතනය කිරීමේ හා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින් පස්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (28) මරණ දඩුවම් නියම කළේය. 28 November 2018
මැතිවරණයක් ඉල්ලා පදියතලාවේ විරෝධතාවයක් මැතිවරණයක් පවත්වා රටේ ජනමතය විමසන ලෙස ඉල්ලා පදියතලාව ප්‍රදේශයේ ජනතාව පදියතලාව නගරයේදී අද (28) විරෝධතාවක් පවත්වනු ලැබීය. 28 November 2018
මොරන්තුඩුවේ අතුරුදන් වූ කාන්තාවගේ පියා ඩී.එන්.ඒ.පරීක්ෂණයකට බොල්ගොඩ ගඟ රක්ෂිතයේ තිබී හමු වූ කාන්තා හිස හා සෙවනගල කිරි ඉබ්බන්ආර වැවේ පාවෙමින් තිබී හමු වූ කඳ කොටස මීට මාසයකට පෙර මොරන්තුඩුවෙන් අතුරුදන් වූ කාන්තාවගේදැයි නිශ්චිතව දැනගැනීම සඳහා එම කාන්තාවගේ පියා අද (28) ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 28 November 2018
ළිඳකට වැටී කතක් මරුට බේරුවල මග්ගොන ඉදිරිලිගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් අද (28) නිවස අසල ළිඳට වැටී මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි. 28 November 2018
ලක්ෂ 16 ක ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය සිට පුත්තලම දක්වා කැබ් රථයකින් රුපියල් ලක්ෂ 16 වටිනා කේරළ ගංජා කිලෝ 13 රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අද (28) අලුයම වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි. 28 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025