(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොල්ගොඩ ගඟ රක්ෂිතයේ තිබී හමු වූ කාන්තා හිස හා සෙවනගල කිරි ඉබ්බන්ආර වැවේ පාවෙමින් තිබී හමු වූ කඳ කොටස මීට මාසයකට පෙර මොරන්තුඩුවෙන් අතුරුදන් වූ කාන්තාවගේදැයි නිශ්චිතව දැනගැනීම සඳහා එම කාන්තාවගේ පියා අද (28) ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි අයේෂා කල්හාරි (19) හැවිරිදි එක් දරු මවකි.
ඉකුත් 4වැනි දින මෙම හිසත් එදිනම සවස කඳ කොටසත් හමු වූ බවත් ඉකිලිය පෙදෙසින් පහළ කොටස (පාද දෙක ඇතුළුව) මෙතෙක් හමු නොවූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd