තුසිත කුමාර ද සිල්වා
බේරුවල මග්ගොන ඉදිරිලිගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් අද (28) නිවස අසල ළිඳට වැටී මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් මකීන් ෆාතිමා මිස්නා නමැති කාන්තාවකි. මෙම කාන්තාව පළමු දරුවා බිහි කර අදට දින 27ක් ගතවී තිබෙන අතර පළමු දරු ප්‍රසූතියෙන් පසු විටින් විට ඇති වූ ආතතිය හා රෝගී තත්වයෙන් පසු වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට ඇති අයෙකි.
අසනීප තත්ත්වයෙන් පසු වූ මෙම කාන්තාව සැමියා සමඟ අක්කරපත්තුව ප්‍රදේශයේ වෛද්‍යවරයකු වෙත ගොස් නැවත මග්ගොනට එදින රාත්‍රීයේම පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd