(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය ලෙයාඩ් පාරේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් එක් කෝටි අනූතුන් ලක්ෂ තිස්හතරදහස් පන්සියයක් වටිනා විදේශ මුදල් තොගයක් සොරාගත් එම නිවසේ මෙහෙකාරිය, ඇගේ දියණිය සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
එලෙස සොරාගෙන තිබූ මුදල් අතර යුරෝ- ඇමරිකානු ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර් හා සිංගප්පූරු ඩොලර් තිබූ බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි මාසයේ සිට අවස්ථා කිහිපයකදී මෙම මුදල් සොරාගෙන ඇතැයි සැකකාර මෙහෙකාරියගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් මුදල් සඟවාගෙන හිටියාට ව්‍යාපාරිකයාට වෙනම නඩුවක් දාන්න ඕනෙ..