සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි පාගමනක්
වසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට කැපවී සේවය කළ රණවිරුවන් පිරිසක් මේ වන විට සිරගත කර තිබෙන බවත්, ඔවුන් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් රජයට බල කරමින්, අබාධිත රණවිරුවන් පිරිසක් අද (25දා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස සිට කතරගම කිරි වෙහෙර දක්වා පා ගමනක් ආරම්භ කළහ.