වැලිගම කොස්තාපල්වරයකුට පිහියෙන් අනී වැලිගම පොලිසියට අනියුක්ත මිදිගම තුර්කි ගම්මානයේ පොලිස් මුරපොලේ සේවය කරනු ලබන කොස්තාපල්වරයකුට පිරිසක් විසින් පිහියෙන් ඇන තුවාල සිදුකර ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 28 November 2018
පොල්ලකින් පහර දී පුතා පියාව මරලා පොල්ලකින් පහර දී පියා ඝාතනය කළ පුතාව සැකපිට අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි. 28 November 2018
එජාප මන්ත්‍රීවරු පිරිසක් දේව කන්නලව්වක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රඥාව පහල වේවා යන අරමුණත් මහජන මතය අනුව පත්වුණු බහුතරය ඇති නායකයාට අගමැතිකම ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාට ප්‍රඥාව පහල වේවා යන අරමුණත් ඇතිව පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීම අද (27) පන්නිපිටිය දෙපානම ඓතිහාසික ගනේගොඩ දේවාලයේදී සිදුකෙරිණි. 27 November 2018
ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගිනි අවි දෙකක් සහ ජිව උණ්ඩ තුනක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව පිටිගල පොලිසිය පවසයි. 27 November 2018
අමාත්‍යංශ මාරුවෙන් අබලි ද්‍රව්‍ය මිලදීගන්නන් අමාරුවේ දේශීය කර්මාන්තකරුවන්ට ලබාදීමේ අරමුණෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය රාජ්‍ය ආයතනවලින් අබලි ද්‍රව්‍ය මිලදීගැනීමේ කටයුතු ඇණහිට ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය. 27 November 2018
නාවලපිටියේදී වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි හැටන් සිට ගම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් සහ නාවලපිටිය සිට කටුනායක දක්වා ධාවනය වූ වැන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවැසීය. 27 November 2018
රථගාලේ සේප්පුවෙන් මුදල් සොරාගත් කොන්දොස්තර අල්ලයි හිටපු රාජ්‍ය ඇමැතිවරයකුට අයත් බස් රථ ගාල් කරන රථගාලක කාර්යාලයේ සේප්පුවක තිබූ රුපියල් 96,130ක මුදලක් සොරාගත් එම ආයතනයේම කොන්දොස්තරවරයකු අද (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 27 November 2018
මාළු කපන මන්නයෙන් කාන්තාවක් කපා තුවාල කරයි දෙවිනුවර ගල්ගනේ පාර අසලදී 32 හැවිරිදි කාන්තාවකට මාළු කපන පිහියකින් පහර දී තුවාල සිදු කළැයි කියන ධීවර ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ගන්දර පොලීසිය පවසයි. 27 November 2018
‘හබරකඩ වසන්ත - මීගොඩ උපුල්ගේ’ මරණ ගැන මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද කොට්ටාව අතුරුගිරිය පාර රුක්මලේ ප්‍රදේශයේ අධිවේගී මාර්ග ගුවන් පාලම අසලදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා වෙඩි හුවමාරුවකදී වෙඩි ප්‍රහාරයකින් මියගිය පාතාල සාමාජිකයින් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් උපතිස්ස මඩපාත මහතා විසින් සිදු කරන ලදී. 27 November 2018
විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් විසිහත්ලක්ෂයක් වටිනා ටිපර් රථයක් ලබාගෙන විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ පුද්ගලයින් දෙදෙනකු තංගල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 27 November 2018
බේරුවල ආයතනයක් බිඳ ලක්ෂ 6 ක භාණ්ඩ කොල්ල කාලා අලුත්ගම ගාලු පාරේ පිහිටි ප්‍රසිද්ධ සමාගමක නියෝජිත ආයතනයක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි. 27 November 2018
රාජාංගනයෙන් ගොවියකුගේ මළ සිරුරක් හමුවෙයි රාජාංගනය යාය 04 ද්විත්ව බෝක්කුව අසළ වෙල් යායක මිය ගොස් සිටි 58 හැවිරිදි ගොවියකුගේ මළ සිරුරක් සොයා ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි. 27 November 2018
හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට හෙරොයින් ළග තබා ගෙන සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 5500 ක් සමඟ හික්කඩුව තොටගමුවේ ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි. 27 November 2018
ඉන්ධන දුම්රියේ රියදුරුට-සහයකට පහරදුන් 4ක් අත්අඩංගුවට ඉන්ධන ප්‍රවාහන කරන දුම්රියක එන්ජිමේ සිටි රියදුරුට හා සහයකට කොලොන්නාව තෙල් සංස්ථාන ඉදිරිපිට දුම්රිය මාර්ගයේ දී අද (26) පස්වරුවේ කිසියම් පිරිසක් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 26 November 2018
නිවාස ණය වැඩසටහනක් අතරමග නතර කළැයි ආණමඩුවේ විරෝධතාවයක් ආණමඩුව නිවාස සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාත්මක වූ නිවාස ණය යෝජනා ක්‍රමයක් අතරමග නවතා දැමීමට විරෝධය දක්වා නිවාස ණය ලාභින් 150 ක පමණ පිරිසක් එම කාර්යාල භූමියේ අද (26) විරෝධතාවයේ නිරත වූහ. 26 November 2018
මීගහකිවුල ප්‍රා.සභාවේ අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය ලේඛනය අද (26) වැඩි ඡන්දයෙන් සම්මත විය. 26 November 2018
මල සිරුරු මාරුවීමෙන් මහ ජරමරයක් මීට වසරකට පෙර මෘත ශරීරාගාරයකදී දෙදරු පියකුගේ මළ සිරුරක් හා කාන්තා මළ සිරුරක් මාරු වීමේ සිද්ධියක් මුලික කරගෙන පිරිමි පාර්ශවයේ ඥාතින් කළ පැමිණිල්ලකට අනුව අද (26) එම දෙදරු පියාගේ සිරුර මහෙස්ත්රාත්වරයකු ඉදිරියේදී යළි ගොඩගත්තේය. 26 November 2018
ගම්වැසියෝ අපුර දිසා ලේකම් කාර්යාලය වටලති පහළ යාං ඔය ව්‍යාපෘතිය නිසා ගම්බිම් අහිමි වු ගම්වාසින් පිරිසක් තමන්ට කඩිනමින් වන්දි මුදල් සහ කන්න වන්දි ලබා දෙන ලෙස ඉල්ලා අද (26) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදී හු හඬ තබමින් විරෝධතාවක නිරත වුහ. 26 November 2018
‘එළවළු මිල ඉහළයාම ලබන මස අවසන් වනතුරු පවතිනවා’ පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු මිළ ඉහළ යෑම ලබන මස අවසන් වනතුරු පවතිනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) පැවැසීය. 26 November 2018
දික්වැල්ලේ පාසලක ගින්නක් දික්වැල්ල විජිත මධ්‍ය විදුහලේ පිරිමි නේවාසිගාරයේ අද (26) දහවල් 1 ට පමණ ඇතිවු ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 26 November 2018
කලුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26) පැවසීය. 26 November 2018
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර නොගත්තැයි උද්ඝෝෂණයක් 2019 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තම දරුවන් හුංගම විජයබා ජාතික පාසලට ඇතුළත් කර නොගන්නේ යැයි කියමින් දරුවන් දහසය දෙනෙකුගේ මාපියන් පිරිස අද (26) එම විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ. 26 November 2018
වතුකම්කරුවෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩවර්ජනයක තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩරට වතුකරයේ වතු රැසක වතුකම්කරුවෝ අද (26) වැඩ වර්ජනයක නිරතවුහ. 26 November 2018
සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට බදුල්ල, පස්සර පාරේ 3 කණුව ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකු පිහියකින් කපා කොටා ඝාතනය කළ බවට සැක පිට ඔහුගේ බිරිඳ අද (26) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි. 26 November 2018
දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 November 2018
පැය 24 කදී වරෙන්තුකරුවෝ 192 ක් අත්අඩංගුවට ගම්පහ දිස්ත්‍රික්කයේ අද (25) කළ වැටලීම්වලින් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 192 ක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 25 November 2018
සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි පාගමනක් වසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට කැපවී සේවය කළ රණවිරුවන් පිරිසක් මේ වන විට සිරගත කර තිබෙන බවත්, ඔවුන් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් රජයට බල කරමින්, අබාධිත රණවිරුවන් පිරිසක් අද (25දා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස සිට කතරගම කිරි වෙහෙර දක්වා පා ගමනක් ආරම්භ කළහ. 25 November 2018
වතුකම්කරු වැටුප වැඩිකරන්නැයි උද්ඝෝෂණයක් වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයන් සහ තරුණියන් අද (25) පුස්සැල්ලාව නගරයේදී උද්ඝෝෂණයක් කළහ. 25 November 2018
රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ අකුරට වැඩ කිරිම නවතී රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නතර කළ අතර හෙට (26) සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සිදුකරන බව රජරට වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ ලේකම් වෛද්‍ය අසන්ත ජයවර්ධ මහතා පැවසීය. 25 November 2018
වැස්සත් සමඟ ප්‍රදේශ රැසකට අවදානම් තත්ත්වයක් පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මිලිලීටර් 150 ට අධික වැසි වාර්තා වූයෙන් ඇතැම් ප්‍රදේශයන් අවදානම් සහිත බැවින් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත. 25 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025