(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර ගල්ගනේ පාර අසලදී 32 හැවිරිදි කාන්තාවකට මාළු කපන පිහියකින් පහර දී තුවාල සිදු කළැයි කියන ධීවර ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.
නුවර සිට මාතර උසාවියේ පැවති නඩුවකට ඉදිරිපත්වීම සඳහා පැමිණ ඇති ඇය දෙවිනුවර තම මවගේ නිවසේ සිටි දරුවා බැලීමට යන අතරතුර දී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබු ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
විශාල පිරිසක් බලා සිටියදී යතුරුපැදියකින් පැමිණී සැකකරු ඇයට පිහියෙන් පහර දී තිබුණත් ඒ පිළිබඳව කිසිවකුත් ප්‍රකාශයක් ලබා දීමට පොලීසියට ඉදිරිපත් වී නොමැත.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරු ඇය සමඟ කාලයක් ඇසුරු කර ඇති බවද පසුව ඇය වෙන් වී නුවර ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd