(ඩි.ජී.සුගතපාල)
ගිනි අවි දෙකක් සහ ජිව උණ්ඩ තුනක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව පිටිගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිගල පෝද්දිවල පදිංචි 45 හැවිරිදි ගව පට්ටි හිමියෙකි.
පොලිසියට ලද තොරතුරක් අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසතුළ සඟවා තිබූ මිලි මීටර් 38 උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවියක් ද බෝර 12 ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ තුනක්ද සොයාගෙන ඇත.
සැකකරු හෙට (28) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd