රංජිත් රාජපක්ෂ
පොල්ලකින් පහර දී පියා ඝාතනය කළ පුතාව සැකපිට අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
පහර දීමෙන් මිය ගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කාසල්රි ජනපදයේ පදිංචිව සිටි ඒ.ජි.ජිනදාස නැමති 73 හැවිරිදි සිව්දරු පියෙකි.
නිදියහනේ සිටි පියාට තම පුතා විසින් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
සැකකාර වැඩිමහල් පුතා අවිවාහකයකු බවත්, ඔහු මානසික රෝගයෙන් පෙලෙන්නෙකු බවත්, පුතාගෙන් නිතර නිතර තමන්ට හිරිහැර සිදුවන බවට පියා විසින් නෝටන්බ්‍රිජ් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට උරණ වී පුතා විසින් මෙසේ පහරදී ඝාතනය කරන්නට ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය සැක පළ කරයි.
පහර දෙන අවස්ථාවේ නිවසේ පියා සහ පුතා පමණක් සිට ඇති බවත්, මරණකරුගේ බිරිඳ ඥාති නිවසක රැඳී සිට ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොල්ලකින් පහර දී පුතා පියාව මරලා