IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගම්වැසියෝ අපුර දිසා ලේකම් කාර්යාලය වටලති

 

 

(දයාරත්න ඇඹෝගම)

 

පහළ යාං ඔය ව්‍යාපෘතිය නිසා ගම්බිම් අහිමි වු ගම්වාසින් පිරිසක් තමන්ට කඩිනමින් වන්දි මුදල් සහ කන්න වන්දි ලබා දෙන ලෙස ඉල්ලා අද (26) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදී හු හඬ තබමින් විරෝධතාවක නිරත වුහ.

පහළ යාං ඔය ව්‍යාපෘතිය නිසා සිය ඉඩම් අහිමි වු අලියාකඩ,මාවතගම,වාගොල්ලාකඩ සහ ඇලපත්වැව යන ගම්වාසින්  මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

ගම්වාසින් විසින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහළ මාලයට එකවරම ඇතුළු වී දෙවැනි මහලේ පිහිටි දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාමරයට පිවිසීමට තැත් කිරිමේදී ආරක්ෂක සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

මිට හේතු වුයේ ගම්වාසින්ට ඉහළ මාලයට යාමට නොහැකි වන ආකාරයට සිවිල් ආරක්ෂක භටයන් පියගැට පෙළ ආවරණය කරගෙන සිටිමේ හේතුවෙනි. ගම්වාසින් ඔවුන්ගේ විරෝධය නොතකා හු හඬ තබමින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාමරය ඉදිරිපිට එක් රොක් විය.



අදහස් (0)

ගම්වැසියෝ අපුර දිසා ලේකම් කාර්යාලය වටලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site