(ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් තිදෙනාගෙන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයකු සහ 28 සහ 17 හැවිරිදි කොළඹ,මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද වේ.
ඔවුන් විසින් රුපියල් 24,90,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 49,800 ක් අඩංගු , දුම්වැටි කාටූන් 249 ක් තම ගමන් මලුවල සඟවා ගෙන සිටිය හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd