මාතර පිහි ඇනුමට සම්බන්ධ තිදෙනා අත්අඩංගුවට මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී පිහියෙන් හා අතින් පයින් පහර දී සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරාට තුවාල සිදු කළැයි කියන තවත් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 25 November 2018
දැව ලොරියක් සමඟ අයෙක් අත්අඩංගුවට පොලිස් අණ නොතකා ධාවනය වු බලපත්‍ර රහිත දැව ලොරියක් අද (25) අල්ලා ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි. ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. 25 November 2018
මහවැලි තාක්ෂණික නිලධාරියා සිහිසුන්ව සිටියදී කැලෑවකින් හමුවෙයි දින කිහිපයක් අතුරුදන්ව සිටි වැලිඔය මහවැලි අධිකාරියේ සේවය කළ තාක්ෂණික නිලධාරිවරයා වවුනියාව උලුක්කුලම, පලෙයිඔරුව ප්‍රදේශයේ කැලෑවක සිහිසුන්ව සිටියදී හමුවූ බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. 25 November 2018
නියෝජ්‍ය පොලිස්පතිගේ නිල රථය ත්‍රී රෝද රථයක ගැටෙයි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නිල රථය මල්වතු ඔය ආසන්නයේ දී ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වී ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. 25 November 2018
දියවළක තිබී මළ සිරුරක් හමුවෙයි ඇල්ල පහළ ඇල්ල ප්‍රදේශයේ කිරිදිඔයේ දියවළක තිබී නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (25) සොයා ගත් බව ඇල්ල පොලීසිය පවසයි. 25 November 2018
සූරියවැව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට කැබ් රථයක් සහ රුපියල් තිස්එක්ලක්ෂ තිස්පන්දහස් පන්සීයක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර වැඩතහනමට ලක්ව සිටි පොලිස් පරික්ෂකවරයෙක් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 November 2018
නිධන් හෑරීමට ගිය 8 ක් අත්අඩංගුවට අරණායක රහල ගලේ නිධන් හෑරීමට පැමිණි බව කියන පුද්ගලයින් අට දෙනෙකු රහල ප්‍රදේශයේ නිවසක සිටියදී අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 November 2018
මහනුවර - පදියපැලැල්ල මාර්ගයේ පස් කඳු කඩා වැටෙයි පවතින වර්ෂාවත් සමඟ මහනුවර පදියපැලැල්ල මාර්ගයේ කදුරකඩේ නම් ස්ථානයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් ඇනහිට ඇත. 25 November 2018
බළන්ගොඩ හුළු ඔය ගඟට වැටී තරුණියක් මරුට තම මාමාගේ නිවසට ගොස් ආපසු සිය නැගණියන් දෙදෙනා සමඟ නිවසට පැමිණෙමින් සිටි 17 හැවිරිදි තරුණියක් බළන්ගොඩ හුලූ ඔය ගඟට වැටී මිය ගොස් ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි. 25 November 2018
ගංජා සමඟ කතක් අත්අඩංගුවට ගංජා කිලෝ එකයි ග්‍රෑම් 850 ක් සමඟ කාන්තාවක් කුරුඳුවත්ත එගොඩදූවේ දී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. 25 November 2018
බසයකට යටවී පුද්ගලයකු මරුට යක්කලමුල්ලේදි පාර මාරුවෙමින් බස් රථයකට ඉදිරිපසින් ගොඩවීමට තැත් කල 72 හැවිරිදි පුද්ගලයෙක් අහංගම සිට මාකුඹුර බලා ධාවනවූ කොග්ගල ඩීපෝවට අයත් ලංගම බසයකට යටවීමෙන් අද (24) පස්වරුවේදී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි. 24 November 2018
ස්වාමින් වහන්සේලා පිරිසක් ගිරිතලේ වැව අසබඩ සත්‍යයග්‍රහයක කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් සහ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් රට පාලනය කිරිමට ඇති බාධක ඉවත් යන ලෙස පවසමින් ් ඇළහැර සහ හිගුරක්ගොඩ ශාසන ආරක්ෂක බලමංඩල වල ස්වාමින් වහන්සේලා පිරිසක් (24) දින පස්වරුවෙි ගිරිතලේ වැව අසබඩ පිහිටි අවුකන බුදුරුව අසල සත්‍යයග්‍රහයක නිරත වුහ. 24 November 2018
අඳුන් දිවියෙක් බේරුවලින් අල්ලයි බේරුවල ගල්හේන කොටියාවත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලක ඇති කරන කුකුලන් ඩැහැගැනීමට දිනපතා පැමිණෙන අඩි 3ක් පමණ වන දුර්ලභ ගනයේ අඳුන් දිවියෙකු අද (24) ප්‍රදේශවාසීන් විසින් අටවන ලද උගුලකට හසුකර ජීවග්රහයෙන් අල්ලාගෙන තිබේ. 24 November 2018
අක්කර දහසකට වැඩි ප්‍රමාණයක රතු ලූණු වගාව විනාශයි - ගොවිහු පවසති කල්පිටිය අර්ධද්විපයේ රතු ලුනු වගාවට සීග්‍රයෙන් පැතිරි යන ඩිස්කෝ නැමති දීලිරයක් හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් වැනසී යමින් ඇති බව වගාකරුවෝ පවසති. 24 November 2018
තලවාකැලේ- පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් තලවාකැලේ- පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැඳකුඹුර ප්‍රදේශයේදී අද (24) දා අළුයම මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් පෙරලීමේන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ. 24 November 2018
රන් මාලයක් කොල්ලකා පලාගිය හිටපු හමුදා සෙබලකු අත්අඩංගුවට ඇඟළුම් සේවිකාවකගේ රුපියල් 95000ක් වටිනා ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය හියාරේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු කොල්ලකා පලා ගොස් ඇති අතර කොල්ලය සිදුවී පැය කීහිපයකට පසු කොල්ල කෑම සිදු කළ හිටපු හමුදා සෙබලකු සැකපිට අහංගම නාකන්දේදී අද (23) අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි. 23 November 2018
නාවලපිටිය නගරය ජලයෙන් යට වෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අද (23) ජලයෙන් යට වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය. 23 November 2018
කැසට් යන්ත්‍රයක් සොරකම් කළැයි කියන අබාධිත සෙබළෙකු රිමාන්ඩ් නවතා තිබූ ත්‍රිරෝද රියක කැසට් යන්ත්‍රයක් සොරකම් කළ බවට සැකපිට ඇල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ආබාධිත යුධ හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයෙක් මේ මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා අද (23) නියෝග කළේය. 23 November 2018
නවගත්තේගම ඉඩම්වල මායිම් කණු සිටුවීමට ගම්වාසීන්ගේ විරෝධය නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ ඉඩම්වල වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් කණු සිටුවීමට විරෝධය පළකරමින් ගම්වාසීන් පිරිසක් අද (23) වන උද්ඝෝෂණයක නිරතවූ බව නවගත්තේගම පොලීසිය පවසයි. 23 November 2018
රඹෑව ප්‍රා. සභාවේ ආදායම් පරීක්ෂකට පහර දෙයි රඹෑව නගරයේ අනවසරයෙන් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු ඉවත් කිරීමට ගිය රඹෑව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයාට ආධාරක පංතියක් පවත්වා ගෙන යන ගුරුවරයෙකු අද(23) පස්වරුවේ පහරදී ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 23 November 2018
බණ්ඩාරගම රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට බණ්ඩාරගම වැල්මිල්ල නරිකන්ද පාමුල සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. 23 November 2018
මහරගම නගර සභාවත් උණුසුම් වෙයි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව අහෝසි කොට නීති විරෝධී අන්දමින් අගමැතිවරයකු හා නව ආණ්ඩුවක් පත් කිරීමට එරෙහිව විරෝධය පළකරමින් මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අද(23) මාසික සභා රැස්වීමට පැමිණියහ. 23 November 2018
උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කළ ගුරුවරුන්ට දීමනාව තාම ගෙවා නැහැ 2018 වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස් පෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරිම සදහා එක් වු ගුරුවරුන්ට හා නිළධාරීන්ට ගෙවිය යුතු දීමනා මෙතෙක් ගෙවා නොමැති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. 23 November 2018
කේරල ගංජා තොගයක් සමඟ තිදරු මවක් අත්අඩංගුවට හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 02ක් හා ග්‍රෑම් 550ක් සමඟ ගංජා ජාවාරමේ නිරත තිදරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය පවසයි. 23 November 2018
රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 203ක් අත්අඩංගුවට හලාවත පුත්තලම මාර්ගයේ ඊයේ(22) රාත්‍රියේ පොලිස්ථාන 3ක් එක්ව සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 203දෙනෙකු අත්අඩංගුවට ගත්බව මූන්දලම පොලීසිය පවසයි. 23 November 2018
කථානායකවරයාගේ හැසිරීමට එරෙහිව මාතලේත් විරෝධතාවක් කථානායකවරයාගේ හැසිරීමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද( 23) දින විරෝධතාවක් පැවැත්විණි. 23 November 2018
මහ මැතිවරණයක් ඉල්ලා දඹුල්ලේ විරෝධතාවක් කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව සහ නව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් අවැසි බව ඉල්ලමින් දඹුල්ල ප්‍රදේශයේදී අද(23) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. 23 November 2018
මධ්‍යම පළාතේ ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්වේ දඹුල්ල කණ්ඩලම උණපඳුරුයාය සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයවලට ඊයේ(22) ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වී නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදෙනෙකුද අතුරුදන් වී ඇතැයි මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය. 23 November 2018
වන අලි ගෙට කඩාවැදී පාසල් දැරියන් දෙදෙනකුගේ දිවි තොර කරති මහියංගන පගරගම්මන ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වන අලි පහරදීමකින් එකම පවුලක ඥාති සොහොයුරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගන පොලිසිය පවසයි. 23 November 2018
බලපත්‍ර නොමැතිව මත්වතුර අලෙවි කළ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මත් වතුර බෝතල් 04 ක් ද සමඟ ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසයි. 23 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025