ප‍්‍රදීප් කුමාර ධර්මරත්න
අරණායක රහල ගලේ නිධන් හෑරීමට පැමිණි බව කියන පුද්ගලයින් අට දෙනෙකු රහල ප‍්‍රදේශයේ නිවසක සිටියදී අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවෝ රඹුක්කන, මාවනැල්ල, අරණායක යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් ප‍්‍රශ්න කිරීමේ දී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ මත්පැන් පානය කිරීම සඳහා එම නිවසට පැමිණි බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd