ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ 43 හැවිරිදි පුද්ගලයකු අද (20) කලාකරබැවේ දී අත්අඩංගුවට ගත් බව ඉලලෝගම පොලිසිය කියයි. 20 November 2018
කුවේට්හිදී ඝාතනය වූ කතගේ පියා වන්දි ඉල්ලයි කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හාම්පුතාගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ප්‍රතිකාර නොකිරීමෙන් මියගිය තම දියණියගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර සාධරණයක් ඉටුකර දෙන්නැයි ඇයගේ පියා ඉල්ලා සිටියි. 20 November 2018
යතුරුපැදි - ලොරි අනතුරින් තරුණයෙක් මරුට යතුරුපැදියක් හා ලොරියක් එකිනෙකට ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පිංදෙනිය පොලිසිය කියයි. 20 November 2018
ධීවරයින් තිදෙනකු අකුණු සැර වැදී රෝහලේ ගාල්ල මස්කඩ වැල්ලේ සිටි ධිවරයින් තිදෙනෙකුට අකුණු සැර වැදි කරාපිටිය රෝහලට ඇතුලතු කල බව ගාල්ල පොලිසිය පවසයි. 20 November 2018
කාර්යල දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන දුම්රිය මාර්ගයෙහි ඇතිවු සංඥා දෝෂයක් හේතුවෙන් අද (19) සවස මහව , පොල්ගහවෙල ඇතුලු කාර්යාල දුම්රිය හතරක් ගණේමුල්ල ප්‍රදේශයේ නැවතී තිබීම මත දුම්රිය මගීන්ට දැඩි දුෂ්කරතාවයකට පත්වීමට සිදුව තිබිණි. 19 November 2018
‘ලංකාවේ පාසල් සියයට විසි පහක වැසිකිලි පහසුකම් නැහැ‘ ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 25% ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. 19 November 2018
ජාතික රෝහලේ ඩී.එස්.ඒ යන්ත්‍රය අක්‍රීයයි ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ තිබූ ලේ නහර වල ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාදීමට යොදාගන්නා ඩී. එස්. ඒ යන්ත්‍රය 2016 වසරේ සිට අක්‍රීයව පවතින බව සමස්ත ලංකා හෙද සපවසයි. 19 November 2018
අල්ලස් ගත් ග්‍රාම නිලධරයා අත්අඩංගුවට කොළඹ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයට අයත් වේල්ලවීදිය නවගම්පුර ග්‍රාම නිලධාරීවරයා රුපියල් පන් දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 19 November 2018
බාලවයස්කාර දැරියට අතවර කළ බාප්පා අත්අඩංගුවට දාහතර හැවිරිදි බාල වයස්කාර දියණිය ගැබිණියක් කළ බාප්පා කෙනෙකු 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය අද (19) නියෝග කළාය. 19 November 2018
වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් දඹුල්ල ඉනාමළුව සුවිසල් වෙළඳසැලක ගංජා මිශ්‍ර මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී 19 දින පස්වරුවේ ව්‍යාපාරිකයා විසින් පොලිසියේ පස්දෙනෙකුට මිරිස් කුඩු ප්‍රරහාරයක් එල්ල කර පොලිසිය පැමිණි යතුරුපැදි දෙකකට අලාභහානි කොට පොලිස් නිලධාරීන්ට පහරදී මෝටර් රථයකින් පලාගිය බව දඹුල්ල පොලිසිය කියයි. 19 November 2018
කතානායක ඉවත් කරන්නැයි ඉල්ලා හබරාදුවෙන් යෝජනාවක් සම්මත වෙයි පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ස්ථාවර නියෝග කඩකරමින් ප්රජාතන්ත්ර විරෝධීව කටයුතු කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් අද (19) පැවති හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය. 19 November 2018
විදුලිසැර වැදී මියගිය අලියකුගේ සිරුරක් හමුවෙයි විදුලිය සැර වැදීම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන සද්ධන්තයකුගේ මළ සිරුරක් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේ පිහිටි වාරි ඇලක් අසල තිබී අද (19) හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි. 19 November 2018
හලාවත දැව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය හලාවත දැව ව්‍යාපාරිකයෝ අද ( 19 ) දහවල් හලාවත ප්‍රධාන වට රවුමට රැස්වී විරෝධතාවක නිරතවුහ. 19 November 2018
හබරාදූව ප්‍රා. සබේ අයවැය සම්මත වෙයි හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා අද (19) ඉදිරිපත් කළ අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත විය. 19 November 2018
බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක් බෝපේ ප්‍රාදේශීය සභා රැස්වීම අද (19) ආරම්භවීමට පෙර තමන්ට බහුතරය ඇතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා සභාපති පුටුවේ වාඩිවීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 19 November 2018
දේවාලයේ පිංකැටය කැඩූ හමුදා සෙබලා අත්අඩංගුවට කලාවැව කඩවර දේවාලයේ පිං පෙට්ටිය කඩා එහි තිබු මුදල් සොරා ගැනීමට තැත්කළ බව කියන යුද හමුදා භටයෙක් අද (19) අලුයම එකට පමණ අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි. 19 November 2018
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අක්මීමණින් අත්අඩංගුවට හෙරොයින් මිලිග්‍රෑම් තුන් දහස් විස්සක් සමඟ පුද්ගලයකු අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. 19 November 2018
දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 19 November 2018
ග්‍රේට්වැලි වත්තේ කොටසක නාය අවදානමක් පවතින අධික වර්ෂාවත් සමඟ දෙල්තොට ග්‍රේට්වැලි වත්තේ කොටසක නාය යෑමේ අවදානමක් නිසා එහි නිවාස තුනක පදිංචි පුද්ගලයින් අද (18) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 18 November 2018
අකුණක් වැදී ගොවියෙක් මරුට නවගත්තේගම ඉගිනිමිටිය හමන්ගල්ල ප්‍රදේශයේ ගොවියකු කුඹුරක නියරවල් සකස් කරමින් සිටියදී පතිත වු අකුණු සැරකට ලක්ව අද (18) මරණයට පත්ව තවත් අයකු කම්පනයෙන් නවගත්තේගම රෝහලට ඇතුළත් කර ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 18 November 2018
පොහොට්ටුවේ ආධාරකරුවෝ මැදවච්චියේ උද්ඝෝෂණයක වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් අද (18) මැදවච්චිය නගරයේ දී උද්ඝෝෂණයක නිරතවුහ. 18 November 2018
මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයින් 8 ක් මිය යනවා මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 08 දෙනෙකු පමණ මරණයට පත්වන බවත් 2017 වසරේදි පමණක් පුද්ගලයන් 3153 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 18 November 2018
තේක්ක දැව සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස අද (18) ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුත් තෙක්ක දැව කදන් තොගයක් පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 November 2018
ලක්ෂ 25 ක භාණ්ඩ සොරා ගත් තිදෙනෙක් අත්අඩංගුවට කුලී පදනම මත ලබාගත් වෑන් රථයක, මුහුණු ආවරණ පැළඳ යමින් ලංකා සතොස අලෙවිසැල් තුනක් කඩා එහි තිබු රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සොරා ගත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 18 November 2018
මනම්පිටිය ජලගැලුම් නිම්න කලාපයෙන් මියගිය අලියකු සොයා ගනී මනම්පිටිය ජාතික ජලගැලුම් නිම්න පෙරණ කලාපයේ ගගේ දේවාලය ආසන්නයේ මීට දින කීපයකට පෙර මියගිය වන අලියකු (18) හමු වු බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි. 18 November 2018
දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 November 2018
ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් පහළොස් ලක්ෂ අසු දහස් නවසිය අසුවක් පමණ වටිනා ජංගම දුර කතන 14 ක් සහ ටැබ් පරිගණයක් සොරකම් කරන ලද සැකකරුවෙකු සොරකම් කරන ලද භාණ්ඩද සමග අත් අඩංගුවට ගැනිමට ගාල්ල පොලිසිය සමත්වි තිබේ. 18 November 2018
සයදරු පියකුගේ මළ සිරුරක් කාණුවක ගාල්ල මාපලගම ප්‍රධාන පාර අයිනේ කානුවක වැටී මියගොස් සිටි නාගොඩ වලකුඹුර පදිංචි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (18) උදෑසන සොයාගෙන තිබේ. 18 November 2018
ආරච්චිකට්ටුවේ බෝක්කුවක් යට නාඳුනන මළ සිරුරක් හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව මානවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 18 November 2018
පලතුරු විකුණන මුවාවෙන් කුඩු අලෙවි කළ අයෙක් අල්ලයි පළතුරු වෙළදාම් කරන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ නිරත සැකකරුවකු හා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි අයෙකු හෙරෙයින් මත්කුඩු ග්‍රෑම් 5ක් හා මිලිග්‍රෑම් 170ක් සමඟ ගාල්ල නගරයේ දී හා මහමෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබු බව ගාල්ල පොලිසියේ කොට්ඨස දුෂණ මර්දන අංශය පවසයි. 18 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025