IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රේට්වැලි වත්තේ කොටසක නාය අවදානමක්

ඩබ්ලිව්.ඒ. අසේල
 
පවතින අධික වර්ෂාවත් සමඟ දෙල්තොට ග්‍රේට්වැලි වත්තේ කොටසක නාය යෑමේ අවදානමක් නිසා එහි නිවාස තුනක පදිංචි පුද්ගලයින් අද (18) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.


එම නිවාස තුනේ පදිංචි 18 දෙනෙකු ඉවත් කර ඇති අතර ඉන් නව දෙනෙකු පිරිමි අය වේ. ඉතිරි කාන්තාවන් නව දෙනා අතුරෙන් දෙදෙනෙකු කුඩා දරුවන් වේ.


ඊයේ (17) රාත්‍රී ඇදහැලුණු වර්ෂාවත් සමඟ නිවාස වලට පිටුපසින් පිහිටි බෑවුම් සහිත කන්දේ කොටසක් කැඩී නිවාස පිටුපසට වැටී ඇති අතර ඒ සමඟ නිවාස තුළට ජලය ගලා ගෙන විත් ඇත.


ග්‍රේට්වැලි වත්තේ වතු අධිකාරිවරයාගේ උපදෙස් අනුව එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව එම වත්තේ ළමා රැකවරණ මධ්‍යස්ථානයේ රඳවා ඇත. 


ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ ද සහයෝගය ඇතිව ඔවුනට අවශ්‍ය ආහාරපාන හා අනෙක් පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

ග්‍රේට්වැලි වත්තේ කොටසක නාය අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site