IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කුවේට්හිදී ඝාතනය වූ කතගේ පියා වන්දි ඉල්ලයි

(දයාරත්න ඇඹෝගම)
 
කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හාම්පුතාගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ප්‍රතිකාර නොකිරීමෙන් මියගිය තම දියණියගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටුකර දෙන්නැයි ඇයගේ පියා ඉල්ලා සිටියි.  

   
අනුරාධපුර මානින්කුලම  ඇත්පැටියාව පදිංචිව සිටි ඩබ්.එම් මදුමන්ති සෙනවිරත්න නැමති එක් දරු මවක් මෙසේ මිය ගොස් ඇත.


ඇයගේ පියා වන ඒ.සෙනවිරත්න යන අය සිද්ධිය පිළිබඳව අද (20) මෙසේ පැවසීය. 


මගේ දුවට ගෙහිමියන් නිතර නිතර පහර දෙන බව දුව අපට නිතර නිතර කතා කරලා කිව්වා. පස්සේ මම ඒජන්සියටත් විදේශ සේවා එකටත් මේ  බව දැනුම් දුන්නා. ඒ අය ඒ ගැන ගණන් ගත්තේවත් නැහැ මම බොරු කියනවා කියල කිව්වා.


පසුව මීට මාස දෙක හමාරකට පස්සේ දුව පහර කෑමෙන් මිය ගියා. සිරුර ලංකාවට ගෙනාවා.  දුවගේ මිනියත් එක්ක ඇයගේ ලේ තැවරණ අඳුමක් ද මිනිය සමඟ තිබී අපට හමු වුණා. 

 

එය ඉවත් කිරීමට ඔවුන්ට අමතක වෙලා. මම මේ පිළිබඳවත් විදේශ සේවා එකට දැනුම දුන්නා. එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකළේ නැහැ.


දුවගේ කරේ තිබුණු රත්රන් චෙන් එකයි,කරාබු ජෝඩුවයි නැහැ. ඇයට මාස දෙකහමාරක වැටුප් ගෙවලත් නැහැ.
මම දුවගේ ආදාහන කටයුතු වලින් පස්සෙත් කොළඹ ගිහින් මේ ගැන පරීක්ෂණයක් කරන්න කියල ඉල්ලුවා. එත් තාම මොකුත් කියන්නේ නැහැ. දුවට පහර දීලා බිම දාලා පෑගුවා. මට අමරුයි ඒත් බෙහෙත් දෙන්නෑ කියල දුව කෝල් කරලා කිව්වා. ඊට දවස් තුනකට පස්සේ දුව මැරිලා. දැන් දුවගේ දරුවත් අපිත් අසරණයි අපිට සළකන්න හිටියේ මගේ දුව විතරයි.


මම රජයෙන් ඉල්ලන්නේ  දුවගේ රන් බඩුයි ඇයගේ වැටුප් සල්ලි අපිට ලබාදීලා දුවට වුණ  අසාධාරණයට ඇයගේ දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙස යනුවෙන් පැවසීය.



අදහස් (1)

කුවේට්හිදී ඝාතනය වූ කතගේ පියා වන්දි ඉල්ලයි

yaha Tuesday, 20 November 2018 11:00 AM

මේකට සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ වහාම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31884 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11186 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1194 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site