ආණමඩුව ප්රා. සභාපති ඇතුළු 6කට ඇප
ආණමඩු නගරයේ කළහකාරි ලෙස හැසිරී පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආණමඩුව ප්රාදේශීය සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු සඳහා එක් අයකුට රුපියල් 50,000ක බැගින් ශරීර ඇප දෙක බැගින් නියම කර ඇප මත මුදා හැරීමට ආණමඩුව මහේස්ත්රාත් ජනනී එස්. විජේතුංග මහත්මිය අද (16) නියෝග කළාය.