(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් තුන් ලක්ෂ අනූ අට දහස් අට සිය හැටක් (1,43,98,860 ) වේ.
මොවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48 , 46 සහ 44 යන වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ වෙති.
ඔවුන් විසින් සකස් කරගෙන විත් තිබූ ලෝහමය බට 06 ක් තුළ මෙම රන් බිස්කට් තොගය දමා ගෙන , එම බට ඔවුන්ගේ භාණ්ඩ තබාගෙන යන ගුවන් තොටුපොළ තුළ භාවිතා කරන ට්‍රොලි කරත්ත තුළ මෙම ලෝහ බට දෙක බැගින් සඟවා තිබියදී සොයාගෙන ඇත.
මෙහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 24 ක් දෙකට කපා , එම රන් බිස්කට් කැබලි 48 මෙම ලෝහ බට තුළ මොවුන් සඟවා ගෙන තිබූ බවත් එම රන් බිස්කට් සියල්ලේම මුළු බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 400 ක් බව රේගුව ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් බිස්කට් තොගයක් සමඟ ව්‍යාපාරිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට