(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් තුන් ලක්ෂ අනූ අට දහස් අට සිය හැටක් (1,43,98,860 ) වේ.
මොවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48 , 46 සහ 44 යන වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ වෙති.
ඔවුන් විසින් සකස් කරගෙන විත් තිබූ ලෝහමය බට 06 ක් තුළ මෙම රන් බිස්කට් තොගය දමා ගෙන , එම බට ඔවුන්ගේ භාණ්ඩ තබාගෙන යන ගුවන් තොටුපොළ තුළ භාවිතා කරන ට්‍රොලි කරත්ත තුළ මෙම ලෝහ බට දෙක බැගින් සඟවා තිබියදී සොයාගෙන ඇත.
මෙහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 24 ක් දෙකට කපා , එම රන් බිස්කට් කැබලි 48 මෙම ලෝහ බට තුළ මොවුන් සඟවා ගෙන තිබූ බවත් එම රන් බිස්කට් සියල්ලේම මුළු බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 400 ක් බව රේගුව ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd