(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)
මෙවර 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර දෙසැම්බර් මස 21 දින පෙරවරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ සමන් දේව මන්දිරයේ සිට ශ්‍රීපාද මණ්ඩපය දක්වා ශ්‍රී සර්වඥධාතූන් තැන්පත් සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමා වහන්සේ පෙරහරින් වැඩම කරවන බව ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහාවිහාරය යන උභය විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න මහ නාහිමියන් පැවසුවේය.
රත්නපුර දිසාපතිනී මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 16 දින පස්වරුවේදී පැවති මෙවර ශ්‍රීපාද වන්දනාවාරයට ශ්‍රීපාදස්ථානයට සධාතුක කරඬුව හා සමන්දෙව් ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර පිලිබඳ සාකච්ඡාවේදී ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ මෙසේ පැවසූහ.
මෙසේ දෙසැම්බර් 21දින ශ්‍රිපාදස්ථානයට පෙරහැර තුනකින් වැඩම කරවන සධාතුක කරඩුව හා සමන්දේව ප්‍රතිමාව 22 දින පෙරවරුවේ ආගමික වතාවත් සිදුකර, ශ්‍රීපාද ම`ඵවේ තැන්පත් කිරීමෙන් පසුව, බැතිමතුන්ගේ වන්දනාව පිණිස මෙවර 2018-2019 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භය සනිටුහන්වන බව උන්වහන්සේ පැවසූහ.
එසේම දෙසැම්බර් 20 දින පස්වරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකරන අතර, එහිදී බැතිමතුන්ට සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා වහන්සේ වැඳපුදාගැනීමට අවස්ථාව විවෘතව පවතින බවද ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් මෙහිදී සඳහන් කළහ.
තවදුරටත් මේ පිලිබඳව විස්තර කල නාහිමියන් පවසා සිටියේ මෙම පෙරහැර ගල්පොත්තාවල විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ ශ්‍රිපාද ම`ඵව වෙත පිවිසුමට නියමිතව ඇති බවයි. ඒ අනුව සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඩම කරවන පෙරහැර පැල්මඩුල්ල සිට රත්නපුර කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල දක්වා ගමන්කර කෑගල්ල පාරට පිවිස නුවර පාර හැටන් නල්ලතන්තිය හරහාද, පැල්මඩුල්ල රත්නපුර ශ්‍රීපාද මාවත ඔස්සේ පලාබද්දල හරහාද, පැල්මඩුල්ල බලංගොඩ වේලිඔය නල්ලතන්නිය මර්ගය ඔස්සේද ශ්‍රීපාද ම`ඵව වෙත ගමන්කිරීමට නියමිතව ඇතැයිද නාහිමියෝ පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා