IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

මෙවර 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර දෙසැම්බර් මස 21 දින පෙරවරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ  සමන් දේව මන්දිරයේ සිට ශ්‍රීපාද මණ්ඩපය දක්වා ශ්‍රී සර්වඥධාතූන් තැන්පත් සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමා වහන්සේ පෙරහරින් වැඩම කරවන බව ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහාවිහාරය යන උභය විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න මහ නාහිමියන් පැවසුවේය.

රත්නපුර දිසාපතිනී මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  16 දින පස්වරුවේදී පැවති මෙවර ශ්‍රීපාද වන්දනාවාරයට ශ්‍රීපාදස්ථානයට සධාතුක කරඬුව හා සමන්දෙව් ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර පිලිබඳ සාකච්ඡාවේදී ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ මෙසේ පැවසූහ.

මෙසේ  දෙසැම්බර් 21දින  ශ්‍රිපාදස්ථානයට පෙරහැර තුනකින්  වැඩම කරවන සධාතුක කරඩුව හා සමන්දේව ප්‍රතිමාව 22 දින  පෙරවරුවේ ආගමික වතාවත් සිදුකර,  ශ්‍රීපාද ම`ඵවේ තැන්පත් කිරීමෙන් පසුව, බැතිමතුන්ගේ වන්දනාව පිණිස මෙවර 2018-2019 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භය සනිටුහන්වන බව උන්වහන්සේ පැවසූහ.  

එසේම දෙසැම්බර් 20 දින පස්වරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකරන අතර, එහිදී බැතිමතුන්ට සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා වහන්සේ  වැඳපුදාගැනීමට අවස්ථාව විවෘතව පවතින බවද ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් මෙහිදී සඳහන් කළහ.

තවදුරටත් මේ පිලිබඳව විස්තර කල නාහිමියන් පවසා සිටියේ මෙම පෙරහැර  ගල්පොත්තාවල විහාරස්ථානයේ සිට  මාර්ග තුනක් ඔස්සේ ශ්‍රිපාද ම`ඵව වෙත පිවිසුමට නියමිතව ඇති බවයි. ඒ අනුව සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඩම කරවන පෙරහැර පැල්මඩුල්ල සිට රත්නපුර කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල දක්වා ගමන්කර කෑගල්ල පාරට පිවිස නුවර පාර හැටන් නල්ලතන්තිය හරහාද, පැල්මඩුල්ල  රත්නපුර ශ්‍රීපාද මාවත ඔස්සේ පලාබද්දල හරහාද, පැල්මඩුල්ල  බලංගොඩ  වේලිඔය නල්ලතන්නිය මර්ගය ඔස්සේද ශ්‍රීපාද ම`ඵව වෙත ගමන්කිරීමට නියමිතව ඇතැයිද නාහිමියෝ පැවසූහ.



අදහස් (0)

සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site