(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කාර් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී කාර් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු අද (15) මිය ගොස් ඇති බව අරියාලෙයි පොලීසිය කියයි.
අරියාලෙයි නෙලුක්කුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අදාල කාර් රථය ගමන් කිරීමට ගත් උත්සහයකදී කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.
දුම්රිය හරස් මාර්ගයේදී ගමන් කිරීමට උත්සහ දැරු කාර් රථය දුම්රියේ ගැටී අඩි 100 ක් පමණ දුරට ඇදී ගොස් ඇති අතර කාර් රථය එහිදී සම්පූරණයෙන්ම විනාශ වී එහි ගමන් ගත් පුද්ගලයාද එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව අරියාලෙයි පොලීසිය පැවැසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ටී.ජෙගනාදන් නැමති දෙදරු පියෙකු බවට වැඩිදුර පරික්ෂණ සිදු කරන අරියාලෙයි පොලීසිය විසින් හඳුනාගෙන ඇත.


2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාර් රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට