බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර පාලම අසල මල් කඩයක් තුළදී ඊයේ (17) රාත්‍රීයේ මල් වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇගේ ස්වාමි පුරුෂයා පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලුතර දකුණ ලාගොස්වත්තේ පදිංචිව සිටි වසන්තා මාලනී සිල්වා (43) නැමැති කාන්තාවයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා පිහියක් රැගෙන පොලිසිය වෙත බාරවීම සඳහා පැමිණෙමින් සිටියදී ඔහුට පහරදීම සඳහා පොල්ලක් රැගෙන පසු පසින් ආ මියගිය කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd