(තරංග ගුණරත්න)
වැලිගම අකුරැස්ස මාර්ගයේ සිදුවූ අනතුරකින් 7 හැවිරිදි දැරියක ජිවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.වැලිගම - අකුරැස්ස මාර්ගයේ දෙණිපිටිය කඩේවත්ත ප්‍රදේශයේදී අද (15 ) මෙම අනතුර සිදුවී ඇත.
දැරිය පාර මාරුවීමට යාමේදී ටිපර් රථයේ ගැටී ඇති බවත් බරපතල තුවාල ලැබූ දැරිය රෝහල් ගත කිරීමට පෙර ජිවිතක්ෂයට පත්ව ඇතිබවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් අනතුරුව කිසියම් පිරිසක් විසින් ටිපර් රථයට දැඩි අලාභහානි සිදුකර ඇත.අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd