දිලීප් ජයසේකර
අධිකරණයේ සිර මැදිරිය වෙත ගංජා මිලි ග්‍රෑම් 200ක් සහ සුරුට්ටු 05ක් රැගෙන ආ පුද්ගලයකු නොවැම්බර් 21 වන දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ. ඒ. නාලක සංජීව ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ යාය 11 මාමඩල, අම්බලන්තොට පදිංචි රංග සුජිත් ප්‍රියන්ත නැමති අයයි.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් අධිකරණයට රැගෙන විත් අධිකරණයේ පිහිටි සිර මැදිරියේ රඳවා තබන අවස්ථාවේ ඔවුන් සඳහා අලෙවි කිරීමට මේවා රැගෙන ආවේදැයි හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd