විජේරත්න රත්නායක
ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුව තුළ රට අස්ථාවර වන පරිදි කටයුතු කරන බව පවසා ඊට විරෝධය පලකරමින් වහාම මැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා හාලිඇල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද (15) දහවල් නිහඬ විරෝධතාවයක් පැවැත්විණි.
හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විරෝධතා වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු අඩපැයක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරතවූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd