මෙහෙනියකට අතවර කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට වේයන්ගොඩ පිහිටි ආරාමයකට ඊයේ(22) රාත්රියේදී බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩවිසූ 52 හැවිරිදි මෙහෙනියකට අතවර කළ යුද හමුදාවේ හිටපු ආබාධිත පුද්ගලයෙකු වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 November 2018
උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ උඩවලව ජලාශයේ ජල පරිමාව ඉහළ යාම හේතුවෙන් අද (23) අලුයම් එහි වාන් දොරටු 05ක් විවෘත කළ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක (ජලාශ) හා උඩවලව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසීය. 23 November 2018
හමුදා සෙබලා දියේ ගිලී මරුට යුධ හමුදාවට අයත් චාවාකච්චේරි ප්‍රදේශයේ හමුදා කවුඳරකට අනුයුක්තව සේවය කළ හමුදා සෙබලෙකු විල්ගමුව හදුන්ගමුව ප්‍රදේශයේ දී දියේ ගිලි මිය ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. 23 November 2018
ස්වර්ණාභරණ සමඟ ගුවන් තොටෙන් සිව් දෙනෙක් අත්අඩංගුවට ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 23 November 2018
දින හයේ බිළිදිය බෝධිය අසල දමා ගොසින් මීරිගම රේන්දපොල ප්‍රාර්ථනා බෝධිය ආසනයක් දමා ගොස් සිටි දින හයක් හතක් පමණ වයසැති දැරියක මීරිගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අද (22) මීරිගම මූලික රෝහලට ඇතුලත් කළාය. 22 November 2018
අකුරණ නගරය ජලයෙන් යට වෙයි මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද (22) ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යට විය. 22 November 2018
කලාප දෙකක වන ජීවි නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක කන්තලේ ත්රිකොණමඩු රක්ෂිතයේ රාජකාරි කළ වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රාජකාරියට බාධා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සේරුවාවිල පොලිසියේ නිලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් හෙට (23) මහවැලි කලාපයේ සහ ත්‍රිකුණාමල වනජිවි කලාපයේ රාජකාරි කරන වනජීවි නිලධාරින් රාත්‍රී රාජකාරිවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 22 November 2018
රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට තවම විසඳුමක් නෑ රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට දින 50ක් ගතව ඇතත් ඊට තවමත් විසඳුමක් නැතැයි රජරට විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය චෝදනා කරයි. 22 November 2018
ගිනි අවි- උණ්ඩ සමඟ පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගිනි අවි දෙකක් සහ උණ්ඩ පහක් සමඟ පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මතුගම අලුත්ගම පාර පුස්තකාල මාවතේදී අද (22) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි. 22 November 2018
අග්නිදිග සරසවි සිසුහු විරෝධතාවක අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ. 22 November 2018
දරුවා නළවා නොගත්තැයි 11 හැවිරිදි දැරියකට හිරමණයෙන් ගහලා හඬන දරුවා නළවා නොගත්තේ යැයි උරණ වූ ගෙහිමි කාන්තාවක් 11හැවිරිදි පාසල් දැරියකට හිරමණයකින් පහර දී තුවාල සිදු කර ඇතැයි කිරුලපන පොලිසිය පවසයි. 22 November 2018
තිදරු පියාගේ සිරුර කුඹුරක කුරුඳු තලා රාත්‍රියේ නිවසට එමින් සිටි තිදරු පියෙකුගේ සිරුර කොළොන්න, දාපනේ, හොරහින්ගොඩ කුඹුරු යායේ තිබියදී අද (22) අලුයම සොයාගත් බව කොළොන්න පොලීසිය පවසයි. 22 November 2018
ව්‍යාපාරිකයාගේ මරණයට වසර දෙකකට පසු බිරිඳ සහ තවත් අයෙක් අත්අඩංගුවට දඹුල්ල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ අනියම් සැමියා බවට සැක කරන පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි . 22 November 2018
වන අලියෙක් නිසා අම්පාර මහ රෝහලේ කලබලයක් අම්පාර මහරෝහල් නවගම්පුර ප්‍රධාන මාර්ගය දෙසින් ඇති රෝහලේ පිවිසුම් ගේට්ටුවට පහර දුන් වල් අලියෙකු රෝහල් පරිශ්‍රයට අද (22) අලුයම ඇතුලු වීමත් සමඟ සිදුවන්නට ගිය මහ විනාශයක් පාලනය කරගැනීමට හැකිවූ බව වැඩබලන රෝහල් අධ්යක්ෂ හංස රාමනායක මහතා පැවසීය. 22 November 2018
කබුරුගමුවේ අනතුරකින් කුඩා දැරියක් මරුට වැලිගම කබුරුගමුව ප්‍රදේශයේ අද (21) සිදුවූ රිය අනතුරින් වයස අවුරුදු 3ක දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොටවිල පොලිසිය පවසයි. 21 November 2018
ත්‍රීරෝද රථ සොරාගෙන අලෙවි කර කුඩු ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් විසි ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ත්‍රි රෝද රථ හතරක් සොරාගෙන රුපියල් 40,000ට විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ පුද්ගලයෙකු හා ඒවා මිලදී ගත් පුද්ගලයා අද (21) බම්බලපිටියේදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. 21 November 2018
ලක්ෂ 32 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට කිරුළපන මහවෙල ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ලක්ෂ 32 වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි. 21 November 2018
දඹේතැන්න වතුයායේ 13 කට බඹර ප්‍රහාරයක් හපුතලේ දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේදී වතු කම්කරුවන් පිරිසකට අද (21) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් 13 දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් හපුතලේ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි. 21 November 2018
සෙනසුරාදා පැය 18 ක් කොළඹ අවට වතුර කපයි අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොවැම්බර් 24 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට 25 වැනි දා අලුයම 2.00 දක්වා පැය 18ක කාලයක් කොළඹ හා ඒ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 21 November 2018
ඒකාබද්ධයට විරෝධය පා නිවිතිගල ප්‍රා. සබේත් කළබල කතානායකවරයාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවරහිර වන සේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින් විරෝධය පෑ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් හය දෙනෙක් අද (21) සභාවෙන් පිටව ගියහ. 21 November 2018
මුදල් වංචා කළ කොස්තාපල් අත්අඩංගුවට විවාහක තිදරු මවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇයගෙන් වංචනික ලෙස රුපියල් පන්ලක්ෂ හැත්තෑතුන් දහසක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන කොස්තාපල්වරයකු අද (21) ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ධන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 21 November 2018
රජරට සරසවි සිසුහු විරෝධතාවයක රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරු,මහාචාර්යවරු ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට පිළියම් යොදන ලෙස රජයට බලකරමින් වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අද (21) විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අනුරාධපුර නගරයේ දී පැවැත්වුහ. 21 November 2018
අක්මීමන ප්‍රා. සභාවෙත් ගාලගෝට්ටියක් අක්මීමන ප්‍රාදේශීය සභාවේ අද (21) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර ගැන කතා කිරීමේදී එජාපය ප්රමුඛ මන්ත්‍රීවරු ඊට මැදිහත්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 21 November 2018
නිවාස රැසක් කොල්ල කෑ මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල නිවෙස්වලට ඇතුළු වී දිවා සහ රාත්‍රී කාලයේදී භාණ්ඩ සොරකම් කළ බව කියන මත්කුඩු ජාවාරම්කාරයෙකු, ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අද (21) අත්අඩංගුවට ගෙන ඇත. 21 November 2018
ගින්නෙන් පිළිස්සී පොහොට්ටුවේ මන්ත්‍රී රෝහලේ කසල ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත. 21 November 2018
විහාරවාසී හිමි නම යළි ගෙන්වා ගන්න සත්‍යග්‍රහයක් හලාවත ජයබිම සාම විහාරස්ථානයේ විහාරවාසී හිමියන් යළි විහාරස්ථානයට වැඩම කරවන තුරු විහාරස්ථානයේ දායකයින් 10 දෙනකු අද (21) උදෑසන සිට සත්‍යග්‍රහයක් අරඹා ඇත. 21 November 2018
ලක්ෂ 22 ක ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට මීනුවන්ගොඩ කටුවැල්ලේගම සිට කුලියාපිටිය ප්‍රදේශයට ගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විසි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 21 November 2018
වෙඩි වැදී මියගිය කතකගේ සිරුරක් හමුවෙයි වෙඩි වැදිමකින් මිය ගොස් සිටි 50 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අද (20) සියඹලැව ප්‍රදේශයේ දී සොයා ගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 20 November 2018
ශ්‍රී විභූෂණ විශ්වකීර්ති සම්මානය අබ්දුල් හමීඩ්ට පුරවැසි ලංකා පදනම සංවිධනය කෙරුණු ශ්‍රී විභූෂණ විශ්වකීර්ති ජනාභිනන්දන සම්මාන උළෙල පුරවැසි ලංකා පදනමේ සභාපති භාරත ජේ උඩගෙදර මහතාගේ ප්‍රධනත්වයෙන් අද (20) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි. 20 November 2018
කතානායකට එරෙහිව විරෝධතාවක් වෙන්නප්පුවේ කතානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද (20) උදෑසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණි. 20 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025